නිදහස් කුසලාන තරඟාවලියෙන් පස්සේ T20 අලුත්ම ශ්‍රේණිගත කිරීම නිකුත් කරලා තියෙනවා. නිදහස් කුසලානයේ වැඩ පෙන්නපු කුසල් ජනිත්ට, තිසර පෙරේරාට සහ කුසල් මෙන්ඩිස්ට ඉහළට එන්න අවස්ථා ලැබිලා තියෙනවා.
T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ලොකුම ප්‍රගතියක් පෙන්වන්නේ කුසල් ජනිත්. 40 වන ස්ථානයේ හිටිය ජනිත් 20 වන ස්ථානය දක්වා ඉහළට ඇවිත් තියෙනවා. ඒ වගේම කුසල් මෙන්ඩිස් 75 වන ස්ථානයේ ඉඳලා 48 දක්වා ස්ථාන 27 ක් ඉහළට ඇවිත් තියෙනවා. තිසර 44 දක්වා ස්ථාන 3 ක් ඉහළට ඇවිත් තියෙනවා. දනුෂ්ක ගුණතිලක 64 වෙනි ස්ථානය හිමි කරගෙන තියෙනවා.
චන්දිමාල් එක ස්ථානයක් විතරක් ඉහළට ඇවිත් තියෙනවා. ඔහු දැන් ඉන්නේ 75 වන ස්ථානයේ. තරඟ 95 ඉඳලා 78 දක්වා ඉහළට ඇවිත් තියෙනවා. කොහොම වුනත් සමස්තයක් විදියට ශ්‍රී ලංකාවේ පිතිකරුවන්ගේ ශ්‍රේණියේ ඉහළ යාමක් දකින්න පුළුවන්.
T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් වල කැපී පෙනෙන වෙනසක් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ අකිල ධනංජයට විතරයි. අකිල 71 ඉඳලා 35 දක්වා ඉහළට ඇවිත් තියෙනවා. චමීර 43 දක්වා ඉහළට එන්න පුළුවන් වෙලා තියෙනවා. තිසර පෙරේරා එක ස්ථානයක් පහළට වැටිලා තියෙනවා. තිසර දැන් ඉන්නේ 48 වන ස්ථානයේ.
T20 තුනිරියව් ක්‍රීඩකයින්ගේ ලයිස්තුවේ අයෙත් ඉහළට එන්න තිසරට පුළුවන් වෙලා තියෙනවා. ඔහු අලුත් ශ්‍රේණිගත කිරීම්වල 6 වෙනි ස්ථානය හිමිකර ගෙන තියෙනවා. ඇන්ජලෝ මැතිව්ස් 15 වන ස්ථානයේ ඉඳලා 19 වෙනි ස්ථානයට පහළ බැහැලා තියෙනවා.
සටහන සචිර නානායක්කාර