News Line| Off Air
Generic placeholder image

Mar
23

ඉතිහාසයේ පළමු වරට, පෙනහළු පරික්ෂා කරන්න අඩි 19ක යෝධ පිඹුරෙක් CAT ස්කෑන් යන්ත්‍රයකට ඇතුළු කරයි.

958 Views


ඉතිහාසයේ පළමු වරට, පෙනහළු පරික්ෂා කරන්න අඩි 19ක යෝධ පිඹුරෙක් CAT ස්කෑන් යන්ත්‍රයකට ඇතුළු කරයි.

මේ වෙද්දී ගොඩක් රෝහල්වල CT ස්කෑන් යන්ත්‍ර තියෙනවා. වෛද්‍යවරයෙක් නිර්දේශ කලොත් ඔබට තියෙන්නේ රෝහලකට ගිහින් CT ස්කෑන් එක කර ගන්න. හැබැයි අම්මා මුත්තා කාලෙවත් අහලා තියෙනවද පිඹුරෙක්ට CT ස්කෑන් එකක් කරා කියලා.

අහල නැති වුනාට ඔන්න දැන් දකින්නත් ලැබිලා තියෙනවා. ඔහියෝ සත්තු වත්තේ හිටිය “හැනා” කියන පිඹුරාට තමයි මේ සැත්කම කරේ. හැනා ගැහැණු සතෙක්. අඩි 19 ක් දිගයි. රාත්තල් 135 ක් බරයි. හැනාට පෙනහළු වල ආබාධයක් තියෙනවා කියලා පශු වෛද්‍යවරු හොයා ගත්තා.

හැබැයි ප්‍රතිකාර කරන්න නම් CT ස්කෑන් එකක් කරන්න අවශ්‍ය වුණා. ඒ නිසා සත්තු වත්තේ බලධාරීන් එකතු වෙලා හැනා රෝහලකට අරගෙන ආවා. මේ සේරම වැඩ සිද්ධ වෙනකන් හැනා හොඳ ළමයෙක් වගේ සද්ධ නැතුව හිටියා. මේ තියෙන්නේ හැනාගේ CT ස්කෑන් එක කරපු Video ව.

 


News Articles
Latest Videos
Most Popular Post