අද එක ලග්නයක් ජලයෙන් සහ ගින්නෙන් ප්‍රවේසම් වෙන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.
1014 Views
අද 2018 මාර්තු මස 25 වන ඉරිදා
රාහු කාලය: දිවා කාලය සඳහා අලුයම 04.51 සිට උදෑසන 06.21 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය සවස 04.46 සිට සවස 06.16 දක්වා
සුභ දිශාව: දකුණ
අසුභ දිශාව: උතුර
මේෂ ලග්නය

සෑම කටයුතුතකටම පෙර දෙවරක් සිතාබැලිය යුතු දිනයකි. එතරම් සතුටුදායක දිනයක් නොවෙයි. සිත් තැවුල් ඇතිවීමට ඉඩ ඇති අතර හැගීම් පාලනය කරගත යුතුයි. ජලයෙන් හා ගින්නෙන් වඩාත් ප්‍රවේසම් වන්න. නමුත් වඩාත් කල්පනාකාරී වීම වැදගත්. වැඩිහිටි උපදෙස් මත නිසි තීරණ ගැනීමටද වග බලගතු යුතු දිනයකි.
ජය වර්ණය: රතු පැහැය ජය අංකය: 05
වෘෂභ ලග්නය

කායික හා මානසික සුවය පිළිබඳව වෙනදට වඩා සැළකිලිමත් විය යුතු දිනයකි. සෑම අතින්ම ආරක්ෂාකාරීව කටයුතු කළයුතු දිනයකි. වැඩිහිටි උපදෙස් අනුව තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කළයුතු දිනයකි. දෙමව්පියන්ට හා තමන්ගේ සමීපතමයින්ට වඩාත් ගෞරවයෙන් සලකන්න. කල්පනාකාරීව හා ආගමානුකුලව දිනය ගතකිරීම වඩාත් යහපත්.
ජය වර්ණය: ක්‍රීම් පැහැය ජය අංකය: 03
මිථුන ලග්නය

ඉතාම යහපත් දිනයකි. පවතී සතුරු කරදර යටපත් වන දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු සාර්ථක වන දිනයකි. සිතන පතන අයුරින් කටයුතු සම්පාදනය නොවන දිනයකි. එබැවින් කල්පනාකාරීව කටයුතු කළ යුතුයි. අධ්‍යාපන හා ව්‍යාපාර කටයුතු වලටද සුභයි. විදෙස්ගමන් බලාපොරොත්තුවෙන් සිටි ඔබටද වඩාත් යෝග්‍ය දිනයකි. ඉවසීමෙන් යුතුව, තැනට සුදුසු නුවන යොදාගනිමින්, අන් අයගේ මෙන්ම විශේෂයෙන්ම වැඩිහිටයන්ගේ උපදෙස් මත ක්‍රියා කිරීම වඩාත් වැදගත් වන දිනයක්.
ජය වර්ණය: දම් පැහැය ජය අංකය: 04
කටක ලග්නය

ඔබේ සිතට මෙන්ම ගතටද වඩාත් යහපත් දිනයකි. සියලු අභියෝග හමුවේ සාර්ථකව කටයුතු කළහැකි දිනයකි. මුදල් ගැටළු තිබුනානම් ඒවා නිරාකරණය වන දිනයකි. ඉවසීමෙන් යුතුව මෙන්ම නිසි සැලසුම් සහිතව කටයුතු කරන්න. සුභ මංගල යෝගද ඇතිවන දිනයකි. නමුත් වඩාත් කල්පනාකාරීව වැඩ කටයුතු කරන්න. දිනය වඩාත් යහපත් වේවි.
ජය වර්ණය: රෝස පැහැය ජය අංකය: 07
සිංහ ලග්නය

ඔබ කරන කියන වැඩ කටයුතු බොහොමයක් සාර්ථක වන සුභ දිනයකි. ඔබේ අතමිට සරුවන දිනයකි. හදිසි ධන ලාභ ඇතිවීමද තිබෙන දිනයකි. වැඩිහිටි උපදෙස් අනුගමනය කළයුතු දිනයකි. වෙනදට වඩා ඔබ උත්සාහවන්තව කටයුතු කළයුතු දිනයකි. මවට පියාට කාලගුණ සළකමින් ආගමානුකුලව දිනය ගත කරන්න.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 06
කන්‍යා ලග්නය

ඔබේ බලය මෙන්ම වාසනාවද අත්හදා බැලීමට ඉතාම සුභ දිනයකි. දුරදක්නා නුවණින් යුතුව හා ඉවසීමෙන් කටයුතු කළයුතු දිනයකි. සුභ මංගල යෝග සහිත දිනයකි. නිහතමානිව හා අවංකව කටයුතු කරන්න. වැඩිහිටි උපදෙස් අනුව වැඩ කටයුතු කිරීමට යොමු විය යුතු දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා රෝස පැහැය ජය අංකය: 02
තුලා ලග්නය

ඔබ නොසිතු අයුරින් ජයග්‍රහණයන් ලබාගත හැකි දිනයකි. ආර්ථික බාධා ඉවත්වන දැනුමට හා ශ්‍රමයට නිසි වටිනාකමක් ලැබෙන දිනයකි. ඔබේ කතාවෙන් ප්‍රයෝජන ගතහැකි දිනයකි. තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කරන්න. බලාපොරොත්තු නොවූ ලාභ මෙන්ම අලාභාද ඇතිවිය හැකි දිනයකි. වැඩිහිටි උපදෙස් අනුව සිහිබුද්ධියෙන් කටයුතු කරන්න.
ජය වර්ණය: තැඹිලි පැහැය ජය අංකය: 05
වෘශ්චික ලග්නය

විනෝද ගමන් ඇතිවන, අසල්වැසියන් සමඟ වැඩියෙන් සමීප වන දිනයකි. ව්‍යාපාර සරුවන ආදායම් තත්වයද යහපත් වන සුභ දිනයකි. අන් අයගේ උපදෙස් ඇසීම කළයුතුම දිනයකි. ඔබ ආරම්භ කල වැඩ කටයුතු සාර්ථක වන දිනයකි. දෙවරක් සිතා බලා කතා කරන්න. වැඩිහිටි උපදෙස් මත කටයුතු කරන්න. දිනය වඩාත් යහපත් වේවි.
ජය වර්ණය: ලා රතු පැහැය ජය අංකය: 08
ධනු ලග්නය

ඔබේ උත්සාහය අනුව දවස සාර්ථක කරගත හැකිය. රැකියා බාධා ඇතිවන, පවුලේ ප්‍රශ්න ඇතිවිය හැකි දිනයකි. එබැවින් ඉවසිල්ලෙන් යුතුව කටයුතු කරන්න. ආදායම් තත්වය නම් යහපත් වන දිනයකි. සිත් තැවුල් වැඩියෙන් ඇතිවන දිනයකි. එබැවින් ඉවසීමෙන් හා සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කරන්න. ලද දෙයින් සතුටු වන්නට පුරුදු වන්න. සාධාරණව මෙන්ම දුර නුවණ මත කටයුතු කරන්න. ආගමානුකුලව දිනය ගතකිරීම වඩාත් යහපත්.
ජය වර්ණය: දම් පැහැය ජය අංකය: 06
මකර ලග්නය

ඔබ නොසිතු අයුරින් ආර්ථික වාසි ලැබෙන දිනයකි. රැකියාව පිළිබඳව නම් උසස්වීම් ලැබිය හැකි දිනයකි. ඔබගේ වටිනාකම අන් අයට වැඩියෙන් දැනෙන දිනයකි. කීර්තිය ලැබෙන දිනයකි. දෙමාපිය හා වැඩිහිටි උපදෙස් වලට ගරු කළයුතු දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 02
කුම්භ ලග්නය

සැහැල්ලුවෙන් මෙන්ම ප්‍රීතියෙන් දිනය ගතකිරීමේ වාසනාව ඇත. ආර්ථික ශක්තිය ඉහල යන දිනයකි. පවුලේ ප්‍රශ්න ඇතිනොවන අයුරින් ඉවසීමෙන් යුතුව වැඩ කටයුතු කිරීමට වග බලාගන්න. දෙමව්පියන් අතර අන් අය අතර සම්බන්ධතා ඇතිවන දිනයකි. නව ආදායම් මාර්ග ඇතිවෙයි. දුප්පත් අසරණ අයට පිහිට විය යුතු දිනයකි. ඔබේ කාරුණික බව හා දෙමව්පියන්ගේ ආශිර්වාදය තුල දිනය වඩාත් යහපත් කරගැනීමේ හැකියාව පවතින දිනයකි.
ජය වර්ණය: තද නිල් පැහැය ජය අංකය: 03
මීන ලග්නය

ඔබේ දැනුමට නිසි වටිනාකමක් ලැබෙන සුභ දිනයකි. ව්‍යාපාර කටයුතු වලටද වඩාත් යෝග්‍ය දිනයක් වන අතර රැකියා වල වෙනසක් කළහැකි දිනයකි. ඔබේ වටිනාකම් හා දැනුම තුළින් දිනය වඩාත් සාර්ථක කරගැනීමේ හැකියාව පවතියි. වැඩිහිටි උපදෙස් අනුව දුරදක්නා නුවණින් යුතුව කල්පනාකාරීව දිනය ගත කිරීම වඩාත් යහපත්. නිසි සැලසුම් සහිතව මෙන්ම ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 01
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී වයි. එම්. කේ. යාපා බණ්ඩාර
දුරකථන: 0777 44 86 44