News Line| Off Air
Generic placeholder image

Mar
24

ලෝකයේ පළමුවරට පිරිමින්ට උපත් පාලන පෙත්තක්…

1115 Views


ලෝකයේ පළමුවරට පිරිමින්ට උපත් පාලන පෙත්තක්…

අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වන්න ලෝකයේ පාවිච්චි කරන එක ක්‍රමයක් තමයි උපත් පාළන පෙති කියන්නේ. මේවා වැඩි වශයෙන්ම පාවිච්චි කරන්නේ කාන්තා පාර්ශවය. හැබැයි ඔන්න දැන් පිරිමින් සඳහා වන උපත් පාලන පෙත්තක්‌ අමෙරිකානු පර්යේෂකයන් පිරිසක්‌ හොයාගෙන තියෙනවා.

මේ උපත් පාලන පෙත්ත මඟින් පිරිමින්ගේ ටෙස්‌ටොස්‌ටෙරෝන් හා අනෙකුත් හෝමෝන මට්‌ටම පහත හෙළීම සිදු කරනවා. මේ හෝමෝන මට්‌ටම පහත හෙළිම නිසා පිරිමින්ගේ ශුක්‍රාණු නිපදවීම අඩු වෙනවා. ඒ වගේම මේ උපත් පාලන පෙතිවල තියෙනේ තවත් විශේෂත්වයක් තමයි මේකෙන් ඇති කරන අතුරු ආබාධ ඉතාම අවම මට්‌ටමක පැවතීම.

මෙච්චර කාලයක් උපත් පාලන පෙති පාවිච්චි කරේ කාන්තාවන් විතරයි. ඒ උනත් මේ අලුත්ම සොයා ගැනීම නිසා පිරිමින්ගේ ජීවන රටාවේ සුවිශේෂී වෙනස්‌කම් වෙයි කියලයි පර්යේෂකයෝ කියන්නේ.

දැනට හොයාගෙන තියෙන විදිහට, ලෝකේ පුරා ගැබ්ගැනීම්වලින් 40%ක්‌ම අනවශ්‍ය ගැබ් ගැනීම් බව වෛද්‍යවරු කියනවා. ඉතින් ඒකට විසඳුමක් විදිහට පිරිමි අයට දැන් මේ පෙත්තෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post