YouTube කියන්නේ විනෝදාස්වාදය වෙනුවෙන් ලොකු කුඩා කවුරුත් යන වෙබ් අඩවියක්. ඒ වුනත් YouTube වෙබ් අඩවියේ හුවමාරූ වන වීඩියෝ දර්ශන විශාල ප්‍රමාණයක් තහනම් කිරීමට එම ආයතනය පියවර ගෙන තිබෙනවා.
YouTube වෙබ් අඩවියේ දැනට පවතින ගිනි අවි සහ එම උපාංග නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් වන සියලුම වීඩියෝ දර්ශන තහනම් කරන්න තමයි තිරණය කරල තියෙන්නේ.
මේ වෙද්දී YouTube වෙබ් අඩවිය තුළ හුවමාරුවූ එවැනි වීඩියෝ වලින් සමහරක් ඉවත් කිරීමටත්, එවැනි වීඩියෝ දර්ශණ ප්‍රචාරණය කරනු ලබන වීඩියෝ නාලිකාවන් අත්හිටුවන්නත් එම සමාගම මේවන විට කටයුතු කරමින් ඉන්න බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ජනප්‍රිය ගිනි අවි වීඩියෝ බ්ලොග්කරුවන් මේ පිළිබදව YouTube සමාගමට සිය අප්‍රසාදය පළකර තිබෙන බවට වාර්තා වෙනවා. ඔවුන් වැඩි දුරටත් කියා සිටින්නේ YouTube සමාගමේ මෙම තීරණය “මානව අයිතීන් උල්ලංඝනය වීමක්” කියලයි.
ගිනි අවි හා වෙඩි උණ්ඩ නිෂ්පාදනය කිරීම, ඒවා පාරිභෝගිකයින්ට විකිණීම සඳහා වන ප්‍රචාරණයන්, ගිනි අවි අලුත්වැඩියා කිරීම හා ඒවා යාවත්කාලීන කිරීම පිළිබඳ වන වීඩියෝ සියල්ල තහනම් කිරීමටද YouTube වෙබි අඩවිය තීරණය කරල තියෙනවා.