News Line| Off Air
Generic placeholder image

Mar
25

“මම ඉපදුනේ ධිවර ගමක. තාත්තා ධීවරයෙක්” – රටම ආදරය කරන චාමර පළවෙනි වරට ජිවිත කතාව හෙළි කරයි.

1681 Views


“මම ඉපදුනේ ධිවර ගමක. තාත්තා ධීවරයෙක්” – රටම ආදරය කරන චාමර පළවෙනි වරට ජිවිත කතාව හෙළි කරයි.

ප්‍රසංග වේදිකාවෙන් ජනතාවගේ හදවත් සොරා ගත්ත ගායකයෙක් තමයි චාමර රණවක කියන්නේ. ඔහුගේ තියෙන නිහතමානීකම වගේම සරල බව නිසා රසිකයන් ඔහුට පන වගේ ආදරෙයි. ප්‍රසංග වේදිකාවේ වැඩිම මිලක් ලැබෙන ගායකයින් අතර චාමරත් ඉන්නවා. ඒ ඔහුට තියෙන ඉහළ ඉල්ලුම නිසා. චාමර සති අන්ත පුවත්පතකට ඔහුගේ ජිවිතයේ නොකී කතා රැසක් කියලා තිබ්බා.

චාමරට පහුගිය දවසක බෞද්ධ සම්මානයක් ලැබුණා. ඒ සමස්ත ලංකා දහම් සිසිල පදනමෙන්. “ශාසන මාමක දේශ ශක්ති දේශ කීර්ති” සම්මානය තමයි ඔහුට ලැබුණේ. ඒ ඔහු බුද්ධ ශාසනයට කරපු මෙහෙවර නිසා. චාමර ජිවත් වෙන හොරපවෙල පන්සලේ ආනන්ද ගිරි විහාරයේ චෛත්‍ය හදන්න ඔහු ලොකු වෙහෙසක් ගන්නවා. “සුදු හාමිනේ (බිරිඳ) තමයි ඒ චෛත්‍ය හදන්න මුලින්ම මුදලක් යෙදෙව්වේ. ගමේ යාළුවෝ එක්ක මම චෛත්‍ය හදන්න වැලි ගොඩ දාලා තියෙනවා. මගේ අත් දෙකෙන් සිමෙන්ති අනලා තියෙනවා.” කියලයි චාමර පන්සලේ චෛත්යස් හැටි කිව්වේ.

චාමර ආවාට ගියාට ප්‍රසංග වේදිකාවේ සිංදු කියන්නේ නෑ. ඒ වෙනුවෙන් ඔහුට ප්‍රතිපත්ති තියෙනවා. “ප්‍රසංග වේදිකාවේ නර්තන කණ්ඩායම් ඇඳුම්වලින් සරාගී රසය පෙන්නනවා. මම ඒකට තදින්ම විරුද්ධයි. ප්‍රසංගයක් බලන්න මිනිස්සු එන්නේ ගීත රසය විඳින්න මිසක් සරාගී රසය විඳින්න නෙවෙයි. ඔරසන්ගයකදී මම සංවිධායකයින්ගෙන් අහනවා මගේ ගීත වලට නටන නර්තන කණ්ඩායම කවුද කියලා. මගේ ගීත වලට නටද්දී මම ඒ ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා.” කියලයි චාමර කිව්වේ.

කාලයක් චාමර පටන් ගත්ත සංගීත කණ්ඩායමකට ඔහු අයෙත් පණ දීලා තියෙනවා. ඒ ඔහු ආරම්භ කරපු “ආයුබෝවන් ශ්‍රී ලංකා” සංගීත කණ්ඩායම. ඔහු ඒ ගැන කිව්වේ මේ වගේ දෙයක් “මම මගේම සංගීත කණ්ඩායමක් එක්ක ප්‍රසංග වේදිකාවට ගොඩ වදින්නයි හදන්නේ. මාර්තු 24 වෙනිදා ආඬිඅම්බලමේදී තමයි කුළුඳුල් ප්‍රසංගය පවත්වන්නේ.”

ගොඩක් ගයක ගායිකාවන් ලොකු තැනකට ආවට පස්සේ තමන්ගේ අතීතය ගැන කතා කරන්න කැමති නෑ. හැබැයි චාමර රණවක නම් තමන්ගේ අතීතය ගැන කිසිම පැකිලීමක් නැතුවම කිව්වා. චාමර ඉපදිලා තියෙන්නේ ඉඳුරුව අඟුරුවිල කියන ධිවර ගම්මානයේ. ඔහුගේ අම්මයි තාත්තයි දෙන්නම ධිවර රස්සාව කරලා තියෙන්නේ. පුංචි කාලයේ චාමර හැදිලා වැදිලා තියෙන්නේ ධිවර වැඩියක.

“මම විවාහ වුනේ 2005 දී. පුංචි පුතා චේතිය ඉපදුණේ 2016 දී. සුදු හාමිනේ තමයි මාව කළමනාකරණය කරලා මේ තැනට ගෙනාවේ. මුල් කාලයේ අපි ගොඩක් දුක් වින්දා.” චාමර පවුල් ජීවිතය ගැන කිව්වේ එහෙමයි.


News Articles
Latest Videos
Most Popular Post