අවසන් වුන නිදහස් කුසලාන තරනගයේදී කුසල් මෙන්ඩිස් කැපී පෙනෙන දස්කම් දැක්වුවා. ඒ වගේම බංගලාදේශය එක්ක තිබ්බ අවසන් තරඟයේදී කුසලුත් ටිකක් අවේගශීලි වුණා. මේ සිදුවීම ගැන සති අන්ත පුවත්පතක් කුසල්ගේ දෙමව්පියන්ගෙන් අහලා තිබ්බා.
“පුතා ගෙදරදී වැඩිය ක්‍රිකට් ගැන කතා කරන්නේ නෑ. මැච් එකකට යද්දී හොඳට සෙල්ලම් කරලා එන්නම් අම්මා කියලා යනවා.” කුසල්ගේ අම්ම කුසල් ගැන කිව්වේ එහෙමයි. කුසල් බංගලාදේශ ක්‍රීඩකයන් එක්ක පැටලෙන්න ගිය එක ගැනත් ඔහුගේ අම්මා කතා කරා. “මම පුතාගෙන් ඇහුව ඇයි පුතා ඔච්චර කේන්ති ගන්නේ කියලා. ඒ සිද්ධිය එතනින් ඉවරයි. එක ගණන් ගන්න එපා අම්මා කියලා පුතා කිව්වා.”
ඒ සිද්ධියත් එක්ක කුසල් පාසල් යන කාලයේ ඡායාරුපයක් අන්තර්ජාලයේ Share වුනා. කුසල් පොඩි කාලෙත් ආවේගශීලි චරිතයක්ද කියලා ඇහුවම ඔහුගේ අම්ම කිව්වේ මෙහෙම දෙයක්. “කවුරු හරි බොරුවෙන් ජයගන්න හදනවා නම් පුතා ඒකට කැමති නෑ. මොකද පුතා කවදාවත් ක්‍රීඩාවේදී බොරු කරන කෙනෙක් නෙවෙයි.”
අසාධාරණය පෙන්න බැරි කුසල්ගේ හොඳ ගතිගුණයක් ගැනත් කුසල්ගේ අම්ම කිව්වා. “පාසල් තරඟ වලදීත් තමන් out නම් අම්පයර්ස්ලා out එක දෙන්න කලින් පුතා පිටියෙන් ඉවත් වෙනවා. සමහර වෙලාවට පුතාගේ ක්‍රිකට් ගුරුවරු එකට බනිනවා.out එක දෙනකම්වත් ඉඳලා එන්න කියලා.”