ක්‍ෂය රෝගය නිසා දහස් ගණනක් මිනිසුන් පීඩා විඳිනවා. හැබැයි තමාත් ක්‍ෂය රෝගය ගැන මිනිස්සු හරියට දැනුවත් නැහැ. මාර්තු 24 වෙනිදා තිබ්බ ලෝක ක්‍ෂය රෝග දිනයට සමගාමීව ත්‍රිකුණාමලය මූලික රෝහලේ ක්‍ෂය රෝග විශේෂඥ වෛද්‍ය ටී.සුරේශ් කුමාර් මහතා විශේෂ දේශනයක් කරා.
ඔහු කියන විදියට 2015 කරන ලද සමීක්ෂණයකට අනුව ලංකාවේ ක්‍ෂය රෝගීන් 11,000 ක් පමණ ඉන්නවා. හැබැයි සමීක්ෂණයට හසු නොවුන රෝගීන් 4000 ක් විතර ඉන්නවා කියලයි වෛද්‍යවරයා කිව්වේ. ක්‍ෂය රෝගය කිව්වාම ගොඩක් අය හිතන දෙයක් තමයි පෙනහළු ආශ්‍රිතව හැදෙන රෝගයක් කියලා. මොළය, අස්ථි, වසාගැටිති, පැලෝපීය පටල, වෘෂණ කෝෂ, බඩවැල්, වකුගඩු සුසුම්නාව,ඇතුළු ශරීරයේ තවත් බොහෝ අවයවවලටත් රෝගය වැළදෙන්න පුළුවන් කියලා වෛද්‍යවරයා සඳහන් කරා.
මිනිසුන්ට මෙන්නම අලි ඇතුන්ටත් ක්‍ෂය රෝගය වැළදෙනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය අශෝක දංගොල්ල මහතා කිව්වේ අලින්ගෙන් ඇත්ගොව්වන්ටත් ක්‍ෂය රෝගය වැළදෙන්න පුළුවන් කියලා.