News Line| Off Air
Generic placeholder image

Mar
27

හිටපු ජනාධිපතිවරුන්ගේ වෙඩි නොවදින රථ එක්ක LTTE යුධ නැවක් මහ මුහුදේ ගිල්වපු හැටි. – Photo

838 Views


හිටපු ජනාධිපතිවරුන්ගේ වෙඩි නොවදින රථ එක්ක LTTE යුධ නැවක් මහ මුහුදේ ගිල්වපු හැටි. – Photo

හිටපු ජනාධිපතිවරු 4 දෙනෙක් භාවිතා කල වෙඩි නොවදින මෝටර් රථ සහ ජීප් රථ 8 ක් ඊයේ ශ්‍රී ලංකා නාවික හමුදාව මහ මුහුදේ ගිල්වා දැම්මා. හිටපු ජනාධිපතිවරු වන ජේ.ආර්. ජයවර්ධන, ආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ සහ නියෝජ්‍ය අමාත්‍ය විනයාගමුර්ති මුරලිදරන් භාවිත කල වෙඩි නොවදින රථ 25 ක් මේ විදියට මහා මුහුදේ ගිල්වන්න සූදානම් කරලා තිබ්බා. නමුත් ඊයේ ගිල්වා දැමුවේ මෝටර් රථ 8 ක් විතරයි.

ඒ වගේම LTTE යට අයිතිව තිබූ A 522 නෞකාවත් එත් සමඟම ගිල්ව දැම්මා. මේ නෞකාව මේ වෙනකම් කොළඹ වරායේ ආරක්ෂිතව නැංගුරම් ලා තිබ්බා. තව දුරටත් මේ නැව භාවිතා කරන්න බැරි නිසා නිසි ක්‍රම වේදයන්ට අනුව ගිල්වා දැම්මා. මේ විදියට ගිල්වන ලද නෞකාව තුල විශාල වශයෙන් කොරල් පර සහ ජලජ ජීවින් ගැවසෙන නිසා ඉදිරියේදී සංචාරක කර්මාන්තයට හොඳ අවස්ථාවක් වේවි කියලයි නාවික හමුදාව ප්‍රකාශ කලේ.

මේ තියෙන්නේ LTTE නෞකාව මහ මුහුදේ ගිල්වපු හැටි.


News Articles
Latest Videos
Most Popular Post