News Line| Off Air
Generic placeholder image

Mar
27

ඔබට හොරා Facebook එකතු කරපු ඔබේ පුද්ගලික තොරතුරු මොනවද කියලා බලන්නේ මෙහෙමයි. – Exclusive

805 Views


ඔබට හොරා Facebook එකතු කරපු ඔබේ පුද්ගලික තොරතුරු මොනවද කියලා බලන්නේ මෙහෙමයි. – Exclusive

Facebook සමාගමට මේ ගෙවෙන්නේ හොඳ කලදසාවක් නම් නෙවෙයි. හතර වටෙන්ම Facebook එකට චෝදනා එල්ල වෙනවා. ඒ Facebook Accounts වල තොරතුරු ආරක්ෂා නොකිරීම නිසා. කේම්බ්‍රිජ් ඇනලිස්ටික් සමාගම ඇමෙරිකානු ජනාධිපතිවරණයට Facebook Accounts මිලියන 50 ක විතර තොරතුරු අරගෙන තිබ්බා.

දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ තොරතුරුත් මේ විදියට හොරෙන් අරගෙන තියෙනවද? මොනවද අරන් තියෙන තොරතුරු කියන එක.මේ වෙද්දී ඒක ඔබටම ලේසියෙන් බලා ගන්න පුළුවන් ක්‍රමයක් ඇවිත් තියෙනවා.පහල තියෙන ක්‍රමයෙන් ඔබ මේ දක්වා Facebook එක ඇතුලේ කරපු කියපු හැමදේම ඇතුලත් Facebook ආයතනය එකතු කරපු තොරතුරු මොනවද කියලා බලා ගන්න පුළුවන්. මේ තොරතුරු තමයි කේම්බ්‍රිජ් ඇනලිස්ටික් සමාගම ඇමෙරිකාවේ ජනාධිපතිවරණය වෙනුවෙන් අරන් තියෙන්නේ.

මුලින්ම ඔබේ Facebook ගිණුමේ settings වලට යන්න.

ඊට පස්සේ එන window එකේ පහලම තියෙන Download a copy of your Facebook data එක click කරන්න.

අවසානයට Start My Archive, click කරන්න.

දැන් ඔබට ඔබේ Facebook ගිණුමේ password එක ඇතුලත් කරන්න ඒවි.

ඊට පස්සේ විනාඩි කිහිපයකින් ඔබේ email එකට මේ දක්වා ඔබ Facebook එකේ කරපු සෑම ක්‍රියාකාරකමක් වගේම ඔබෙන් එකතු කරන ලද තොරතුරු ඇතුලත් email එකක් එනවා.


News Articles
Latest Videos
Most Popular Post