අද ලග්න දෙකකට මානසික පීඩා ඇතිවෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.
700 Views
අද 2018 මාර්තු මස 21 වන බදාදා
රාහු කාලය: දිවා කාලය දහවල් 12.15 සිට දහවල් 01.47දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.15 සිට අලුයම 01.44 දක්වා
සුභ දිශාව: උතුර
මරු සිටින: දිශාව නිරිත
මේෂ ලග්නය

මානසික පීඩා ඇතිවීමට ඉඩ ඇති දිනයකි. සමාජ සේවා කටයුතු වලටද සුභ දිනයක් වන අතර සමාජ ගෞරවයට පාත්‍ර වීමට දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු වල යහපත් වර්ධනයක් ඇතිවන දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කහ පැහැය ජය අංකය: 06
වෘෂභ ලග්නය

තීන්දු තීරණ ගැනීමේදී වඩාත් සැළකිලිමත් විය යුතු දිනයකි. කළා කටයුතු වලටද ඉතාම යෝග්‍ය දිනයකි. සෞඛ්‍ය පිළිබඳව වඩාත් සැළකිලිමත් විය යුතු දිනයකි. නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කිරීම හා කල්පනාකාරී වීම ඔබට යහපත් ප්‍රතිඵල ගෙන දෙවි.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 06
මිථුන ලග්නය

රැකියා ව්‍යාපාර කටයුතු වලට ඉතාම යෝග්‍ය දිනයකි. උනන්දුවෙන් හා සාර්ථකව සියලු වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. ලේඛන කටයුතු වලටද ඔබට වඩාත් සුභ දිනයකි. කෝපය පාලනය කරගත යුතු දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කහ පැහැය ජය අංකය: 06
කටක ලග්නය

මිතුරන්ගෙන් වැඩි උදව් ලබාගත හැකි දිනයකි. සමාජ සේවා කටයුතු වලටද වඩාත් යෝග්‍ය දිනයකි. කොන්ද හා තුනටිය ආශ්‍රිත රෝග වලින් ප්‍රවේසම් විය යුතු දිනයකි. වඩාත් කල්පනාකාරීව තීන්දු තීරණ ගැනීමට යොමු විය යුතු දිනයකි. වැඩ කටයුතු සියල්ල වඩාත් ප්‍රවේසමෙන් සම්පාදනය කරගත යුතු දිනයකි.
ජය වර්ණය: ලා දම් පැහැය ජය අංකය: 04
සිංහ ලග්නය

ආරම්භ කරන වැඩ කටයුතු වලට සියුම් කරදර පීඩා ඇතිවිය හැකි දිනයකි. නමුත් කල්පනාවෙන් වැඩ කටයුතු කරන්න. ඒවා වළක්වාගත හැකිය. කල්පනාකාරීව හා වඩාත් ඉවසිලිවන්තව වැඩ කටයුතු කළයුතු දිනයකි. ව්‍යායාමයක් තුලින් මෙන්ම ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 07
කන්‍යා ලග්නය

මානසික පීඩාකාරී තත්වයන් ඇතිවිය හැකි දිනයකි. අනිසි බාධා යටපත් කරගෙන ජීවිතය මුහුණ දිය යුතු දිනයකි. කලා කටයුතු වලට වඩාත් යෝග්‍ය දිනයකි. සතුරන් මර්දනය කරගෙන යහපත් අයුරින් දවස ගත කිරීමේ වාසනාව ඇත. නමුත් ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම වැදගත්.
ජය වර්ණය: දීප්තිමත් කොළ පැහැය ජය අංකය: 08
තුලා ලග්නය

රැකියා හා ව්‍යාපාර ආශ්‍රිතව සතුරන් ඇතිවිය හැකි දිනයකි. උසස් පරිපාලන හැකියාවක් පවතින දිනයකි. සතුරු කරදර පිළිබඳව කල්පනාකාරී වන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. අන් අයගෙන් වැඩියෙන් ප්‍රවේසම් වීම වැදගත්. නිසි සැලසුම් සහිතව කටයුතු කරන්න.
ජය වර්ණය: ලා දම් පැහැය ජය අංකය: 06
වෘශ්චික ලග්නය

තරමක් කල්පනාකාරීව කටයුතු කළයුතු දිනයකි. ඔබේ කතාවේදීද වඩාත් සැළකිළිමත් විය යුතු දිනයකි. මතභේද වලින් තොරව දිනය ගත කරන්න. වියදම් තත්වය පිළිබඳවද වැඩියෙන් කල්පනාකාරී වන්න. වඩාත් ඉවසිල්ලෙන් හා කල්පනාකාරීව වැඩ කටයුතු කිරීමට වග බලාගන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ක්‍රීම්පැහැය ජය අංකය: 03
ධනු ලග්නය

ගන්නා තීන්දු තීරණ වඩාත් වැදගත් වන දිනයකි. අත්‍යාවශ්‍ය කටයුතු කිහිපයක් මගහැරීමට ඉඩ ඇති දිනයකි. නිසි සැලසුම් සහිතව දිනය ආරම්භ කරන්න. තම අත්සන භාවිතයේදීද වඩාත් කල්පනාකාරී වන්න. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කහ පැහැය ජය අංකය: 08
මකර ලග්නය

බොහෝ දේවල් ඔබට ලැබෙන දිනයකි. වැඩිහිටියන් සමඟ මත ගැටුම් ඇතිවිය හැකි දිනයකි. එබැවින් කල්පනාකාරී වන්න. ඔබේ පෞරුෂය නිසාම අන් අය අතර බෙහෙවින් කැපී පෙනෙන දිනයකි. නමුත් එමගින් ඔබට අවාසි ගෙන දීමටද ඉඩ ඇති දිනයකි. නිසි සැලසුම් සහිතව ඉවසිල්ලෙන් යුතුව වැඩ කටයුතු ආරම්භ කරන්න. ආගමනුකුලව දිනය ආරම්භ කිරීම වඩාත් යහපත්.
ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය ජය අංකය: 08
කුම්භ ලග්නය

දේපල මිලදී ගැනීම් ආදී කටයුතු වලට ඉතාම යෝග්‍ය දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු දියුණු වන දිනයකි. ජීවිතයට නව බලාපොරොත්තු ඇතිවන සුභ දිනයකි. කලා කටයුතු වලට නම් ඉතාම යෝග්‍ය දිනයකි. ඔබ කරන කියන දේවල් වලට අන් වචනයෙන් අන් අයව දිනාගත හැකි දිනයකි.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 06
මීන ලග්නය

නව අදහස් පහල වන සුභ දිනයකි. නමුත් කරදර පීඩා වලින්ද පිරි දිනයකි. මිතුරන්ගෙන් වැඩි උදව් ලබාගත හැකි දිනයකි. තම ගැටළු වලට තමන්ගේ හොදම යාලුවගෙන් නිසි විසදුම් ලැබෙන දිනයකි. කල්පනාකාරීව වැඩ කටයුතු කළයුතු දිනයකි. සැලසුම් සහගත බව හා ඉවසීම ඔබට වඩාත් යහපත් ප්‍රතිඵල ගෙන දෙයි. ආගමානුකුලව දිනය ආරම්භ කිරීම වඩාත් යෝග්‍යයි.
ජය වර්ණය: දීප්තිමත් පැහැය ජය අංකය: 08
ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී කැලුම් ගුණතිලක
දුරකථන: 076 67 65 353