News Line| Off Air
Generic placeholder image

Mar
28

පන්දුව පලුදු කළ නායක, උපනායක සහ කැමරන් වහාම ඕස්ට්‍රේලියාවට කැදවයි. ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තහනම් කිරීමේ අවධානමක්?

977 Views


පන්දුව පලුදු කළ නායක, උපනායක සහ කැමරන් වහාම ඕස්ට්‍රේලියාවට කැදවයි. ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තහනම් කිරීමේ අවධානමක්?

ඕස්ට්‍රේලියානු කණ්ඩායම කරපු කැත වැඩේ නිසා කවදාවත් මකාගන්න බැරි පැල්ලමක් ඔස්ට්‍රේලියාවට වැදිලා තියෙන්නේ. මේ වැඩේට සම්බන්ද වුන ක්‍රීඩකයන්ට දඩුවම් දෙන එක තාම නැවතිලා නෑ.

දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරත වෙමින් ඉන්න ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩකයින් 3 දෙනෙක්ම ආපහු ඔස්ට්‍රේලියාවට කැදවලා තියෙනවා. ඒ පන්දුව පලදු කිරීමට සම්බන්ද නායක ස්මිත්, උප නායක වෝනර් සහ බැන්ක්‍රොෆ්ට්. ඒ වෙනුවට රෙන්ෂව්, මැක්ස්වෙල් සහ ජෝයි බර්න්ස් ඔස්ට්‍රේලියාවට කැඳවලා තියෙනවා. ඉතිරි තරඟ සඳහා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ටිම් පෙයින් පත් කරලා තියෙනවා.

මහත්වරුන්ගේ ක්‍රීඩාවේ හොඳ නමක් ඔස්ට්‍රේලියාව දිනාගෙන හිටියා. ඒ නම කැත කරපු අයට දඩුවම් කරන එක තම නවත්තලා නෑ කියලයි පේන්නේ.


News Articles
Latest Videos
Most Popular Post