අලුත් අවුරුද්ද කිට්ටු වෙද්දී මුලින්ම ඒ ගැන අපිට කියන කෙනෙක් ඉන්නවා. තමයි කොහා. ගමේ ගස්වල වහලා කොහා කෑගහද්දි අවුරුද්දට ලෑස්ති වෙන්න කාලේ හරි කියලා. හැබැයි දැන් නම් කොහාගේ වැඩි සද්දයක් බද්දයක් නෑ. හිටපු ගමන් කලාතුරකින් වගේ කොහාගේ සද්දේ ඇහුනත් වෙනදා වගේ අවුරුද්ද පුරාම උගේ සද්දය ඇහෙන්නේ නෑ.
පරිසරවේදී ජගත් ගුණවර්ධන මහතා කියන විදියට මේ ගෙවෙන්නේ කොහාගේ අභිජනන කාලය. ඒ නිසා තමයි කොහාගේ නාදය මේ දවස්වල ඇහෙන්නේ නැත්තේ. පරිසර විපර්යාස එක්ක කොහාගේ අභිජනන කාලයත් වෙනස් වෙලා තියෙනවා.
සමහර වෙලාවට මාර්තු අන්තිම සහ අප්‍රේල් 5 දක්වා කාලයේ කොහාගේ සද්දය හයියෙන් ඇහෙන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ උගේ සද්දයේ තිව්‍රතාවය අඩු වෙනවා.