News Line| Off Air
Generic placeholder image

Mar
28

සුපිරි රටවල් 5 ක් ලොව ජනප්‍රියම ලෝක කුසලානය වර්ජනය කරන්න තීරණය කරයි.

1074 Views


සුපිරි රටවල් 5 ක් ලොව ජනප්‍රියම ලෝක කුසලානය වර්ජනය කරන්න තීරණය කරයි.

ඔලිම්පික් වලින් පස්සේ ලෝකයේ වැඩිම පිරිසක් නරඹන ක්‍රීඩා උළෙල තමයි ලෝක පාපන්දු ශුරතාවය. ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව පාපන්දු. ඉතිං අමුතුවෙන් කියන්න ඕන නෑනේ පාපන්දු වලට තියෙන ඉල්ලුම කොච්චරද කියලා. පාපන්දු ක්‍රීඩාවේ මෞලි මංගල්‍ය තමයි FIFA World Cup කියන්නේ. FIFA World Cup එකට සත්කාරකත්වය දරන්න ලැබෙනවා තරම් දෙයක් රටකට තවත් නෑ.

මේ අවුරුද්දේ FIFA World Cup එක පැවැත්වෙන්නේ රුසියාවේ. තවත් නොබෝ දිනකින ආරම්භ වෙන නියමිත FIFA World Cup එක මේ වෙද්දී තියෙන්නේ අර්බුද රැසක. එකට හේතුව බ්‍රිතාන්‍ය රුසියාවේ ලෝක කුසලානය වර්ජනය කරන්න තීරණය කරපු එක. බ්‍රිතාන්‍ය රජ පවුලේ කවුරුවත් මේ සැරේ FIFA ලෝක කුසලානයට එන්නේ නෑ කියලත් ප්‍රකාශ කරා. මේකට හේතුව වුනේ බ්‍රිතාන්‍යයේදී රුසියානු ඔත්තුකරුවෙක් ඝාතනය කිරීම ගැන පරීක්ෂණයට රුසියාව සහය නොදීම.

බ්‍රිතානයේ මේ තීරණයට සහය දක්වලා තවත් රටවල් 5 ක් මේ සැරේ FIFA World Cup එක වර්ජනය කරන්න තීරණය කරලා තියෙනවා. අයිස්ලන්තය, ස්වීඩනය, ඩෙන්මාකය, පෝලන්තය, ඔස්ට්‍රේලියාව සහ ජපානය තමයි මේ තීරණය අරන් තියෙන්නේ. ඒ වගේම ඉදිරියේදී තවත් රටවල් FIFA World Cup එක වර්ජනය කරාවි කියලා විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post