News Line| Off Air
Generic placeholder image

Mar
29

ඕස්ට්‍රේලියානුවන් දොට්ට දැමූ ඉන්දියාව, ශ්‍රී ලංකාවට කලගුණ සළකයි. ඩේවිඩ් වෝනර්ගේ තැන පොඩි සනාට.

2565 Views


ඕස්ට්‍රේලියානුවන් දොට්ට දැමූ ඉන්දියාව, ශ්‍රී ලංකාවට කලගුණ සළකයි. ඩේවිඩ් වෝනර්ගේ තැන පොඩි සනාට.

ස්ටීවන් ස්මිත්ට සහ ඩේවිඩ් වෝනර්ට ඊයේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය වසරක තරඟ තහනමක් පැනෙව්වා. ඒ නිසා ඔවුන්ට අවුරුද්දක් යනකම් කිසිම ක්‍රිකට් තරඟයකට සෙල්ලම් කරන්න වෙන්නේ නෑ.

ඒ නිසා IPL තරඟාවලියද ඔවුන්ට අහිමි වෙනවා. ඩේවිඩ් වෝනර් නියෝජනය කල සන්රයිසිස් හයිද්‍රාබාද් කණ්ඩායමට වෝනර් වෙනුවට ශ්‍රී ලංකාවේ පිතිකරුවෙක් කැඳවන්න සූදානම වෙනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි ලංකාවේ සුපිරි ප්‍රහාරකයා කුසල් ජනිත් පෙරේරා.

BBC මාධ්‍යවේදී අසාම් අමීන් මේ ගැන ට්විටර් පණිවිඩයක් නිකුත් කරලා තියෙනවා. කොහොම වුනත් කුසල් කණ්ඩායමට කැඳවීම ගැන අවසන් තීරණයක් අරන් නෑ.


News Articles
Latest Videos
Most Popular Post