ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බිහිවුන සුපිරිම පන්දු යවන්නන්ගෙන් කෙනෙක් තමයි ලසිත් මාලිංග කියන්නේ. ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පිට පිට කඩුලු 4 ක් දවා ගත්ත එකම පන්දු යවන්නා ඔහු. ඒ වගේම වැඩිම කඩුලු ත්‍රිත්ව ලබා ගත්ත පන්දු යවන්නා ඔහු. පළමු පෙළ ක්‍රිකට් තරඟ වල කඩුලු 1000 ක් ලබා ගන්න පසුගිය දා මාලිංග සමත් වුණා.
මාලිංග මේ වෙද්දී ඉන්නේ IPL වලට සහභාගී වෙන්න ඉන්දියාවට ගිහිල්ලා. මේ සැරේ මාලිංග IPL වලට ක්‍රීඩා කරන්නේ නෑ. ඒ වෙනුවට ඔහුට උසස්වීමක් ලැබුනා. ඒ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ උපදේශකයා විදියට කටයුතු කරන්න. IPL ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා ලසිත් මාලිංග. ඒ වගේම හොඳම පන්දු යැවීම වාර්තා වෙන්නෙත් ලසිත් මාලිංගගෙන්.
පහුගිය දා මාලිංගත් මුම්බායි ඉන්ඩියන්ස් ක්‍රීඩකයින් පුහුණු කිරීමට එකතු වුණා. පුහුණුවීම් වලට ආව මාලිංගව මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් මාලිංගව ඉතා ඉහළින් පිළිගත්තා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ වීඩියෝව.
https://www.facebook.com/mumbaiindians/videos/10156118043235429/