News Line| Off Air| Games
Generic placeholder image

Mar
29

සියතේ මහා රාවණා වැඩසටහන අදින් අවසන්.

2537 Views


සියතේ මහා රාවණා වැඩසටහන අදින් අවසන්.

පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සිදුවූ සියතේ පරිණාමයත් සමග සියත FM තුළින් රටේම අවධානය දිනූ වැඩසටහන් රාශියක් ගුවන් ගත වුණා. ඒ අතර ලාංකීය ගුවන් විදුලි අසන්නන්ට අලුත්ම ආරෙක අත්දැකීමක් ලබා දෙන්නට මහා රාවණා වැඩසටහන සමත් වුණා. වලලා දැමූ ශ්‍රී ලාංකීය අභිමානය නැවත ගොඩ ගන්න දැරූ උත්සාහයක් ලෙසයි සතියේ දින වල රාත්‍රී 7.01 ට මහා රාවණා විකාශය වුණේ.
ලංකාවේ වගේම පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේ ඇට ලේ මස් දක්වා කිදා බසින හෙළ අභිමානය රෝපණය කරන්නට මහා රාවණා පළමු වැඩසටහනේ පටන්ම සියතට හැකිවුණා. ඒ බව එක පෙලට සියතට ගලාගෙන ආ ලිපි, දුරකථන ඇමතුම් වලින් හොදටම සනාථ වෙනවා.
ඒ වගේම සියත FM Youtube Channel එකෙන් මහා රාවණා වැඩසටහන ලක්ශ සංඛ්‍යාත පිරිසක් ඇසුවේ හෙළ අභිමානය යළි ජීවමාන කරන මෙහෙයුමේ සාඩම්බර කොටස්කරුවන් වෙමින්.
කොහොම වුණත් සියලු ආරම්භයන්ට අවසානයක් ඇති බව යළි යළිත් පසක් කරමින් අද රාත්‍රියේ සියත මහා රාවණා වැඩසටහන අවසාන වෙනවා. ඒ තවත් අලුත් ආරම්භයක් හෙළ වංශ කතාවට ලියා දෙන පොරොන්දුව පිටයි.
වසරක කාලයක් සියත ඔස්සේ හෙළ අභිමානය වැළලුණු හැටි දැන කියා ගත් ඔබට අද රාත්‍රියේ 7.01ට මහා රාවණා අවසන් කොටස අහන්න පුලුවන්.
අරවින්ද ලොකුගේ මහතාගේ අධීක්ෂණයෙන් විකාශය වූ මහා රාවණා වැඩසටහන ඉදිරිපත් කිරීම සහ නිශ්පාදනය ගයාන් සදකැලුම් මහතාගෙන්. තාක්ශණික දායකත්වය සෙනුර දිල්ශාන්ගෙන්.


News Articles
Latest Videos
Most Popular Post