ක්‍රීඩකයන් කළ වරදට ඕස්ට්‍රේලියානු පුහුණුකරු මාධ්‍ය ඉදිරියේ හඬා වැළපෙමින් ඉල්ලා අස්වෙයි.
3025 Views
ගෝලයෙක් කොහේ හරි තැනක වැරද්දක් කරොත් ගුරුවරයාටත් නිකම්ම අැඟිල්ල දික් වෙනවා. ගුරුවරයා හරියට උගන්වලා නෑ කියලා තමයි වටේ පිටේ මිනිස්සු කියන්නෙ. ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් කණ්ඩායම පහුගිය දවසක කරපු නරක වැඩේ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ.
කොහොම හරි මේ වෙද්දී බෝලය පළුදු කරපු හැමෝටම දඩුවම් ලැබිලා තියෙන්නේ. එ් වුනත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණුකරුටත් ගොඩක් අය දෝෂාරෝපණය කරා.
මේ චෝදනා වලින් කළකිරුණු ඩැරන් ලීමන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් ඉල්ලා අස් වෙන්න තීරණය කරලා තියෙනවා. හැබැයි ක්‍රීඩකයන්ගේ මේ වැඩේට පුහුණුකරු සම්බන්ධ නෑ කියලයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් අායතනය කිව්වේ.