News Line| Off Air| Games
Generic placeholder image

Mar
30

මුළු ලෝකයම බනිද්දී ෂර්මා සහ බුම්රා ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ගේ හොඳ කියයි.

2594 Views


මුළු ලෝකයම බනිද්දී ෂර්මා සහ බුම්රා ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ගේ හොඳ කියයි.

දකුණු අප්‍රිකාවේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් කරපු නරක වැඩේ නිසා ලෝකයේ හතර වටින්ම ඔවුන්ට චෝදනා එල්ල වුණා. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවෙන් ඔවුන්ට ලොකු විරෝධයක් එල්ල වුණා. කවුරුවත් ඔවුන්ගේ පැත්තට කතා කරනවා පෙනුනේ නෑ.

ඊයේ ඕස්ට්‍රේලියාවේ තිබ්බ මාධ්‍ය හමුවකට හිටපු නායක ස්මිත් සහභාගී වුණා. එතැනදී හැඬු කදුළින් ස්මිත් සියලුම ක්‍රිකට් රසිකයන්ගෙන් සමාව ඉල්ලා සිටියා. ඔහුගේ කතාව අහපු ගොඩක් අයගේ හිත උණුවෙලා තිබ්බා. කොහොම වුනත් ලෝකයම ඔවුන්ට විරුද්ධව කතා කරද්දී ඉන්දියාවේ රෝහිත් ශර්මා සහ ජස්ප්‍රිත් බුම්රා ඔවුන් වෙනුවෙන් කතා කරා.

“ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් දකුණු අප්‍රිකාවේදී ආරක්ෂක නිලධාරීන් රැගෙන යන අයුරුත් අද තිබ්බ මාධ්‍ය හමුවේදී ඔහුගේ කතාවත් මට තදින් දැනුණා.” කියලා ෂර්මා ට්විටර් පණිවිඩයේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ක්‍රීඩාවේ ජීව ගුණය වඩාත් වැදගත්ම කාරණය බව තමන් ප්‍රතික්ෂේප නොකරනවා කියලත් ඔහු සඳහන් කරලා තියෙනවා. “ඔවුන් වරදක් කලා. ඔවුන් එය පිළිගත්තා. මම මෙතන ඉඳගෙන ඔවුන්ගේ තීරණයන් ප්‍රශ්න කරන එක අසාධාරණයි. නමුත් ඔවුන් විශිෂ්ඨ ක්‍රීඩකයෝ.” කියලයි ෂර්මාගේ ට්විටර් පණිවිඩයේ අවසානයට සඳහන් කරලා තියෙනවා.

ඉන්දියාවේ වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රාත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් වෙනුවෙන් ට්විටර් සටහනක් තබලා තිබ්බා. “කෙනෙකු යම් වරදක් කල පමණින් ඔවුන් කල සියලුම හොඳ අමතක කරන්න එපා” කියලයි බුම්රාගේ ට්විටර් සටහනේ සඳහන් වෙලා තියෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post