දකුණු අප්‍රිකාව එක්ක තිබ්බ දෙවෙනි තරඟයේදී පන්දුව පළුදු කරලා දිනන්නයි ඕස්ට්‍රේලියානු නායකයා හැදුවේ. හැබැයි අන්තිමේදී ඒ සේරම හෙළිවුණා. ඒ නිසා ඕස්ට්‍රේලියාවේ හිටපු නායකයට සහ උප නායකයට වසරක තරඟ තහනමක් පැනෙව්වා.
තමන්ට එරෙහිව ඕස්ට්‍රේලියානු නායකයා කරපු මේ වැඩේ ගැන දකුණු අප්‍රිකානු නායක ෆැෆ් ඩු ප්ලෙස්සිස් මදය හමුවේදී කතා කරා. හැබැයි ඔහු දුන්න පිළිතුරින් හැමෝම පුදුමයට පත්වුණා. දකුණු අප්‍රිකානු නායකයා ඉතාම කණගාටුවෙන් ඕස්ට්‍රේලියානු නායකයා ගැන කතා කරා.
“මම ඔහුට කෙටි පණිවිඩියක් යැව්වා. මම ඔහු ගැන හදවතින්ම කණගාටු වෙනවා. ඔබ ශක්තිමත්ව ඉන්න කියලා මම ඔහුට කිව්වා.” කියලයි ෆැෆ් ඩු ප්ලෙස්සිස් කිව්වේ. ස්මිත් ඔස්ට්‍රේලියාවට හොඳ නායයෙක් කියලත් ඔහු වැඩි දුරටත් සඳහන් කරා.
ඒ වගේම ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට දුන්න දඬුවම ගැනත් දකුණු අප්‍රිකානු නායකයා කතා කලේ නොසතුටින්. ” ඒ දඬුවම බරපතල වැඩි. ඉතිහාසය දිහා බැලුවොත් මේ වගේ සිදුවීම තව වෙලා තියෙනවා.” කියලයි ෆැෆ් ඩු ප්ලෙස්සිස් මාධ්‍යට කිව්වේ.
https://twitter.com/twitter/statuses/979412824106717187