News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
31

ඇමෙරිකාවට වීසා ඕනෑ නම් ඔබේ ජිවිතයේ රහසිගත දේවල් හෙළිකරන්න වෙනවා. ට්‍රම්ප්ගේ අලුත්ම නීතිය මෙන්න.

742 Views


ඇමෙරිකාවට වීසා ඕනෑ නම් ඔබේ ජිවිතයේ රහසිගත දේවල් හෙළිකරන්න වෙනවා. ට්‍රම්ප්ගේ අලුත්ම නීතිය මෙන්න.

ඩොනල් ට්‍රම්ප්ගේ පාලනය යටතේ ඇමෙරිකාව ආන්දෝලනාත්මක තීන්දු තීරණ රැසක් අරන් තියෙනවා. ඒ වගේ තවත් ආන්දෝලනාත්මක නීතියක් ඇමෙරිකාව පනවලා තියෙනවා. ඒ ඇමෙරිකාවට විසා ලබා ගන්න නම් සමාජ මාධ්‍ය ජාල වල අනන්‍යතාව ඇතුලත් තොරතුරුත් ඉදිරිපත් කරන්න ඕන.

ඒ වගේම ගතවූ වසර 5 ක කාලය ඇතුලත භාවිතා කල දුරකථන අංක, email ලිපින සහ විදෙස් සංචාර පිළිබඳ තොරතුරුත් දෙන්න ඕන. ඊට අමතරව අයැදුම්කරුව වෙනත් රටකින් පිටුවහල් කරලා තියේද, පවුලේ අය ත්‍රස්ත ක්‍රියා වලට සම්බන්ධද කියලත් තොරතුරු විමසනවා. ඇමෙරිකාවේ සිදුවෙන ත්‍රස්ත ක්‍රියා වළක්වන්න තමයි ට්‍රම්ප් මේ යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ.

අමෙරිකාවෙන් වාර්තා වෙන විදියට ඉදිරි මාස 2 ඇතුලතදී මේ පනත සම්මත වෙන්න නියමිතයි. එහෙම වුනොත් වාර්ෂිකව ඇමෙරිකාවට එන මිලියන 14 කට පමණ මේ ක්‍රමයට තමයි ඇමෙරිකාවට එන්න විසා ගන්න වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post