News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
1

මව් කුසේ හිටිය බිළිදෙක්ට ශ්‍රී ලංකාවේ පළවෙනි වරට සැත්කමක්.

697 Views


මව් කුසේ හිටිය බිළිදෙක්ට ශ්‍රී ලංකාවේ පළවෙනි වරට සැත්කමක්.

මවි කුසේ ඉපදෙන්න ඉන්න දරුවෙක්ට සැත්කමක් කරලා තියෙනවා කියලා අහලා තියෙනවද? හැබැයි පහුගිය ද පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු ඒ විස්මිත සැත්කම කරා.

තුන්වෙනි දරුවා බිහිකරන්න හිටිය බිබිල ප්‍රදේශයේ මවක් වෛද්‍ය උපදෙස් මත පේරාදෙණිය රෝහලට ඇතුලත් වෙලා තිබ්බා. එහිදී කරපු ස්කෑන් පරීක්ෂණයෙන් හෙළි වුණේ කුස තුල ඉන්න බිළිඳාගේ බෙල්ලේ අසමන්‍යතාවක් තියෙනවා කියලා හදුනා ගත්තා. ඒ නිසා ඉතා ඉක්මනින් බිළිදාට ශල්‍යකර්මයක් කරා. මේ සැත්කමට පැය 2 ක් විතර ගත වුනා.

කොහොම වුනත් සැත්කම සාර්ථකව අවසන් වුණා. මේ වෙද්දී බිළිදාත් මවත් හොඳ සෞඛ්‍ය තත්වයෙන් ඉන්නවා කියලයි වෛද්‍යවරු කිව්වේ. මේ සැත්කම ශ්‍රී ලාංකීය වෛද්‍ය ඉතිහාසයේ නව සන්ධිස්ථානයක් කියලයි වෛද්‍යවරු සඳහන් කරේ. කුස තුල සිටින බිළිදෙක්ට ලංකාවේදී සැත්කමක් කල පලවෙනි වතාව මේක.

ගෙල ප්‍රදේශයේ විශාල ගෙඩියක් ඇති වීම නිසා ස්වසන මාර්ගය හා පෙනහළු අවහිර වන ටෙරටෝමා නැමති රෝගයෙන් මේ දරුවා පෙලී සිට ඇති බවයි ප්‍රසව හා නාරි වෛද්‍ය විශේෂඥ, මහාචාර්ය චතුර රත්නායක සදහන් කළේ්. මෙම ශල්‍යකර්මය සිදුකරන ලද්දේ පේරාදෙණිය සහ සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින්.


News Articles
Latest Videos
Most Popular Post