News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
1

මුහුදු වෙරලේ නොහොබිනා හැසිරීම් බලන්න CCTV

582 Views


මුහුදු වෙරලේ නොහොබිනා හැසිරීම් බලන්න CCTV

යාපනයේ කාරෙයිනගර් කැෂුරිනා වෙරළ කියන්නේ ලංකාවේ ජනප්‍රිය වෙරළ තීරයක්. හැබැයි මේ වෙද්දී විවිධ සමාජ විරෝධී ක්‍රියා නිසා කැෂුරිනා වෙරළ අපවිත්‍ර වෙමින් තියෙනවා.

ඒ නිසා මුහුදු තීරයට ආරක්ෂිත සී.සී.ටී.වී (CCTV) කැමරා සවි කිරීමට කාරෙයිනගර් ප්‍රාදේශීය සභාව තීරණය කරලා තියෙනවා. පසුගිය දිනවල ප්‍රාදේශීය සභාව මගින් ඉදිකොට තිබූ වැසිකිළි පද්ධතියක් හා නාන කාමර පෙළක්ද කඩා බිද දමා තිබුණා.

මත්පැන් පානය කිරීම,මත් ද්‍රව්‍ය භාවිතය හා වෙනත් සමාජ විෂම ක්‍රියා මෙම මුහුදු වෙරළ තීරයේ සිදු වෙනවා කියලයි ප්‍රාදේශීය සභාවේ බලධාරීන් සඳහන් කරේ. වෙරල තිරයේ ආරක්ෂාවට. ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙක් යොදවා තිබ්බත් සංචාරකයින් වැඩි දවස් වලට ඔවුන්ට මේ තත්වය පාලනය කර ගන්න බෑ. ඒ නිසා ආරක්‍ෂිත කැමරා සවි කරන්න තීරණය කරලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post