News Line| Off Air
Generic placeholder image

Apr
2

“එයා මගේ බෙල්ල මිරිකන්න හැදුවා.” – බෝඩිමේ සිදු වුන අද්භූත සිදුවීමක් ගැන දිමංක හෙළිකරයි.

725 Views


“එයා මගේ බෙල්ල මිරිකන්න හැදුවා.” – බෝඩිමේ සිදු වුන අද්භූත සිදුවීමක් ගැන දිමංක හෙළිකරයි.

දිමංක වෙල්ලාලගේ කියන්නේ තරුණ තරුණියන් අතර ගොඩාක් ජනප්‍රිය ගායකයෙක්. කාලෙකට ඉස්සර ඔහු මුහුණ දුන්න අත්භූත අත්දැකීමක් ගැන දිමංක කිව්වා. දිමංක මේ අත්දැකීම නිසා කොච්චර බය වුනාද කියනවා නම් තාමත් ගෙදරවත් තනියම ඉන්න බයයිලු.

” කාටවත් කියලා නැති රහසක් තමයි මම අද මේ කියන්න යන්නේ..
මේ කතාවට ටිකක් ඇඟ කිලිපොලා යයි. යක්ෂ, ප්‍රේත, භූතාත්ම, අදෘශ්‍යමාන බලවේග කවුරු විශ්වාස නොකළත් මම නම් විශ්වාස කරනවා. බෞද්ධයින්වි දියට මළගිය ප්‍රාණ කාරයන්ට පින් අනුමෝදන් කිරීමත් අපේ සංස්කෘතිය තුළ තියෙන බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මම පුංචි කාලෙදිවත් ඒ වගේ අදෘශ්‍යමාන බලවේගයකට සම්බන්ධ අත්දැකීමකට මුහුණ දීලා තිබුණේ නැහැ. සිංදු කියලා මම කවුරු අතරත් ජනප්‍රිය වෙද්දි කොළඹට ආවා. ඊට පස්සේ බෝඩිම් ජීවිතේට හුරුවුණු මම නතර වුණේ පිලියන්දල පැත්තේ බෝඩිමක.

ඒක කාමරයක්.. එහෙදී තමයි මේ කියන සිදුවීම වුණේ. දවසක් ඒ ගෙදර අය කොහෙ හරි යන්න ගියා.. ඉතුරු වුණේ මම විතරයි.
පාළු ප්‍රදේශයක තිබුණු නිවසක් නෙවෙයි ඒක.. නිවසේ කිසිම පාළු ගුප්ත බවක් තිබුණෙත් නැහැ. ඒත් මේ කියන දා මට තේරුම් ගන්න බැරි මොකක්දෝ පාළු ගුප්ත ගතියක් හිතට දැනුණා.

ගමේ ඉන්න කාලෙදී මම යාළු මිත්‍රයෝ එක්ක මළ ගෙවල් වල ගිහින් මහ රෑ ගෙදර ඇවිත් තියෙනවා. මගේ නිවසේ තනියම හිටපු අවස්ථාත් තියෙනවා.
ඒත් මේක මහ අමුතු හැගීමක්. ඒ හැඟීම මොකක්ද කියලා අදටත් මට කියාගන්න බැහැ. කොහොම හරි ඉතින් එදා රෑ වුණා.
මමත් නිවසේ විදුලි බල්බ නිවා දමලා නින්දට ගියා. ඔන්න දන් මට නින්ද යාගෙන එනවා. ඒත් එක්කම කාගේදෝ අඳුරු ඡායාවක් මගේ දිහාට එනවා දැක්කා.

ඒ ආපු කෙනා මට පැහැදිලි නැහැ. එයා මගේ ඇඳ ළඟට ඇවිල්ලා එක පාරටම බෙල්ල මිරිකන්න ගත්තා. මම මහ හයියෙන් කෑ ගැහුවා. විශ්වාස කරන්න. මේක හීනයක් නමෛයි. මම හොඳ පියවි සිහියෙන් හිටියේ. මගේ කෑ ගැහිල්ලට වටාපිටාවේ අය පවා ආවා. ඒ තරම් හයියෙන් මම කෑ ගහලා නැහැ කවදාවත්. කොයි තරම් උස් හඩින් කෑ ගැහුවද කියනවා නම් මගේ කටහඬත් නැතිව ගියා වගේ දැනුණා. දවස් දෙක තුනක් යනතුරු මට කතා කරගන්නත් බැරිවයි හිටියේ. මේක අමනුෂ්‍ය අත්දැකීමක්ද කියලා කියන්න මම දන්නේ නැහැ. ඒ නිවසේ ඊට කලිින් ගුප්ත බලවේග තිබිලා තියෙනවද කියලා මම ගෙදර අයගෙන් ඇහුවා. කවමදාවත් ඒ වගේ දේවල් තිබුණේ නැහැ කියලා තමයි ඒ අය මට කිව්වේ. කොහොම හරි ඊට පස්සේ මම ඒ බෝඩිම අතෑරලා වෙන බෝඩිමකට ගියා. නවාතැන්පළ වෙනස් කළාට අර සිදුවීම නිසා මගේ හිතේ ඇති වූ කම්පනය නැති වුණේ නැහැ. එදා ඉඳන් මම හොල්මන්වලට බයයි. හැබැයි ඒ බය තියෙන්නේ පාළු රැයක ගොඩනැගිල්ලක් තුළ තනියම ඉන්නකොට විතරයි.

මම තනියම දුර පළාත්වල සංගීත ප්‍රසංගවලට යනවා. මහ රෑ තනියම එන්නේ. සොහොන් පිටියකට වුණත් මහ රෑ යන්න මම බය නැහැ. කළුවර රෑක වුණත් එළිමහන් තැනක තනියම ඉන්න එක මට කිසිම ප්‍රශ්නයක් නමෛයි. හැබැයි නිවසක හරි, බිත්ති හතරකින් වටවූ ගොඩනැගිල්ලක හරි තනියම රැයක් ගත කරන්න නම් අදටත් මට බැහැ. කොටින්ම කියනවා නම් මගේ ගෙදර වුණත් කිසි කෙනෙක් නැතුව රැයක් ගෙවන එක මට අද ප්‍රශ්නයක් වෙලා’


News Articles
Latest Videos
Most Popular Post