News Line| Off Air
Generic placeholder image

Apr
3

ශ්‍රී ලංකාවට ඉන්න සුපිරි දඟ පන්දු යවන්නා ගැන ක්‍රිකට් ලොක්කෙක් හෙළි කරයි.

1092 Views


ශ්‍රී ලංකාවට ඉන්න සුපිරි දඟ පන්දු යවන්නා ගැන ක්‍රිකට් ලොක්කෙක් හෙළි කරයි.

ලබන වසරේ ක්‍රිකට් ලෝක කුසලානය පවත් වෙනවා. ලෝක කුසලානයට සුදුසුකම් ලබලා තියෙන සෑම රටක්ම මේ වෙද්දී ලෝක කුසලානයට තමන්ගේ බලමුළු තර කරමින් ඉන්නේ. ශ්‍රී ලංකාවත් මේ වෙද්දී ලෝක කුසලානයට අවශ්‍ය සැලසුම් සකස් කරමින්, ක්‍රීඩකයින් අත්හදා බලමි ඉන්නවා.

ලෝක කුසලානයට යවන්න හොයන සුපිරි දඟ පන්දු යවන්නෙක් ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා කිව්වා. මැණික් කටුව උපයෝගී කරගෙන පන්දුව දඟ කවන ක්‍රීඩකයන් කණ්ඩායමට එකතු කර ගන්න වැඩි අවධානයක් යොමු කරනවා කියලා ඔහු කිව්වා. එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේදී පළමු පන්දු යවන්නන් 10 දෙනා අතර මෙවැනි පන්දු යවන්නන් 3 දෙනෙකුම සිටීම ලංකාවටත් මේ වගේ පන්දු යවන්නන් සෙවීමට එක හේතුවක්.

“සීමිත පන්දුවාර තරඟවලට මැණික්කටුව උපයෝගී කරගෙන දඟ කවන ක්‍රීඩකයෝ ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්ත. ණතිල්ලෙන් සහයක් ලැබුනේ නැතත් මේ පන්දු යවන්නන්ට පන්දුව දඟ කවන්න පුළුවන්. ඇඟිලි වලින් දඟ කවන පන්දු යවන්නෝ ඒ වගේ තණතිල්ලක වැඩක් නැති වෙන්න පුළුවන්. ජීවන් මෙන්ඩිස් දැනට අපිට ඉන්නවා. වනිඳු ගැන අපි ලොකු බලාපොරොත්තු තියා ගත්ත හැබැයි එයා දීපු අවස්ථාවල හරියට කලේ නෑ.” කියලයි ලබ්රෝයි ලංකාවේ දඟ පන්දු යවන්නන් ගැන කිව්වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ අබාධ ගැනත් ලබ්රෝයි කතා කරා. ”අපේ කණ්ඩායමේ සිදුවන ආබාද ගැන අපි අවධානය යොමු කරලා තියෙන්නේ,කණ්ඩායමේ ඉන්න අය තමන්ගේ ශරීර යෝග්‍යතාවය ගැන වැඩිපුර හිතන්න වෙනවා. උදාහරණයක් විදියට තිසර පහුගිය කාලෙම ටෙස්ට් ගැහුවේ නෑ. අපි දැන් ඔහු දින හතරේ තරඟවලට යොමු කරලා තියනවා. එතනින් අපිට ශරීර යෝග්‍යතාවය තබාගැනීම ගැන ක්‍රීඩකයෝ යොමු කරන්න පුළුවන්.”


News Articles
Latest Videos
Most Popular Post