News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
3

“අපිට තව අවුරුදු දෙක තුනක් ඕනේ” – මාර්ක් සකර්බර්ග් Facebook අනාගතයට සිද්ධ වෙන දේ ගැන හෙළි කරයි.

509 Views


“අපිට තව අවුරුදු දෙක තුනක් ඕනේ” – මාර්ක් සකර්බර්ග් Facebook අනාගතයට සිද්ධ වෙන දේ ගැන හෙළි කරයි.

Facebook ගිණුම් හිමියන්ගේ තොරතුරු ආරක්ෂා කර ගැනීම ගැන සංවාදය තාමත් අවසන් වෙලා නෑ. ඇමෙරිකානු ජනාධිපතිවරණයට තොරතුරු ලබා ගන්න කේම්බ්‍රිජ් ඇනලිස්ටික් සමාගම Facebook ගිණුම්වල තොරතුරු එකතු කිරීමත් එක්ක තමයි මේ ප්‍රශ්නය ඇති වුණේ.

මාර්ක් සකර්බර්ග් මේ සම්බන්ධව සියලුම Facebook ගිණුම් හිමියන්ගෙන් සමාව ඉල්ලා සිටියා. ඒ වගේම මේ සියලුම ප්‍රශ්න විසඳන්න තවත් අවුරුදු කිහිපයක් ඕන කියලා සකර්බර්ග් රූපවාහිනී නාලිකාවකට එක්වෙමින් පැවසුවා.

මේ ප්‍රශ්න නිසාම Facebook ආයතනයේ කොටස් මිලත් පහළ වැටිලා තියෙන්නේ. ඇමෙරිකානු ඩොලර් බිලියන 70 ක් විතර පාඩුවක් Facebook ආයතනයට සිද්ධ වුණා. ඒ වගේම මාර්ක් සකර්බර්ක්ගේ වතක්ම් වලින් ඩොලර් බිලියන 10 ක් විතර අඩු වුණා.


News Articles
Latest Videos
Most Popular Post