You Tube කියන්නේ ලෝකයේ ජනප්‍රියම Video වෙබ් අඩවිය. දවසකට දහස් ගණනක් Videos You Tube එකට Upload වෙනවා. ඊයේ You Tube එකට ප්‍රහාරයක් එල්ල වුණා. හැබැයි සයිබර් ප්‍රහාරයක් නම් නෙවෙයි.
You Tube මුලස්ථාන පරිශ්‍රයේ වෙඩි තැබීමක් සිද්ධ වුණා. කාන්තාවක විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තියෙනවා. පසුව ඇය තමාට ද වෙඩි තබාගෙන සියදිවි හානි කර ගත්තා. මේ වෙඩි ප්‍රහාරයෙන් 3 දෙනෙක් තුවාල ලැබුවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන විදියට තුවාල ලැබුවා අයගේ තත්වය ඉතා බරපතලයි. වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ 36 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු, 32 සහ 27 වන වියේ පසුවන කාන්තාවන් දෙදෙනෙක්. තුවාල ලැබූ පිරිමියා වෙඩි තැබූ කාන්තාවගේ පෙම්වතා විදියට හඳුනාගෙන තියෙනවා. කොහොම වුනත් වෙඩි ප්‍රහාරයේ අරමුණ තාමත් හඳුනාගෙන නෑ.