විශ්වාසභංග විවාදය මේ වෙද්දී පාර්ලිමේන්තුවේ පැවැත් වෙනවා. උදේ 9.30 ට ආරම්භ වුන විවාදය අද රාත්‍රී 9.30 වෙනකන් පවත් වෙනවා. විශ්වාසභංගයේ ඡන්ද විමසීම සිද්ධ වෙන්නේ රාත්‍රී 9.30 ට.
කොහොම වුනත් එජාපය මේ වෙනකොටත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය සමරන්න සියලුම කටයුතු සූදානම් කරලා කියලා ආරංචි මාර්ග සඳහන් කරනවා. අගමැතිවරයා ජයග්‍රහණය කරාට පස්සේ රාත්‍රී 10.00ට ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන විශේෂ ආගමික පූජාවක් සඳහා සහභාගී වෙන්න නියමිතයි.
ඒ වගේම විශ්වාසභංගයේ ප්‍රතිඵල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කල වහාම රට පුරාම රතිඥ්ඥා දල්වා සැණකෙළි පවත්වන්න එජාප ආසන සංවිධායකවරුන්ට උපදෙස් දීලා තියෙනවා. කොළඹ අදාළ ප්‍රීති උත්සව පැවැත්වීම කොළඹ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ මහතාට භාර දීලා කියලත් වාර්තා වෙනවා.
ප්‍රතිඵල නිකුත්වූ වාහාම රාජ්‍ය මාධ්‍යට භාවිත කළ යුතු ගීත, හා තේමාවන් සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා උපදෙස් ලබා දීලා තියෙනවා කියලා විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් වාර්තා වෙනවා. ආණ්ඩු ජයග්‍රහණයක් ලෙස මෙය සමරා කටයුතු කිරීමට අමාත්‍යවරයා රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට උපදෙස් දීලා තියෙනවා කියලයි ආරංචි වෙන්නේ.