අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසය කඩ කළ බවට සඳහන් විශවාසභංග යෝජනාව පිලිබඳ පාර්ලිමේන්තු ඡන්ද විමසීම් මීට සුළු මොහොතකට කලින් අවසන් වුණා. ඒ අග්‍රාමාත්‍යවරයා විශ්වාසය කඩ නොකළ බවට අති බහුතරයකගේ තීරණය ලැබීමත් සමගයි. මෙවර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට සිදුවුනේ වෙනදා මෙන් රහස් ඡන්දයක් ලෙස නොව ප්‍රසිද්ධියේමයි.
ඒ අනුව අවසාන ගණනය කිරීමට අනුව අග්‍රාමාත්‍යවරයා විශ්වාසය කඩ කළ බවට 76 දෙනෙක්ද විශ්වාසය කඩ නොකළ බවට 122 දෙනෙකුද ප්‍රකාශ කරා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ නිදහස් සන්ධානයේ ප්‍රභලයන් බොහෝ දෙනෙක් ඇතුළු මන්ත්‍රීවරුන් 26 සභාගර්භයට පැමිණ සිටියේ නැහැ.
ඒ අනුව ඉදිරියට අඩුපාඩු නිවැරදි කරගනිමින් ජනපති හා එක්වී ආණ්ඩුව කරගෙන යන බව විශ්වාසභංගය ජය ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත කිවුවා.