සමහර වෙලාවට ග්රහ අපල වලට සත්තු නිදහස් කරන්න කියනවනේ. ගොඩක් වෙලාවට අපල වලට නිදහස් කරන සත්තු ගෙනත් දාන්නේ පන්සලකට හෝ දේවාලයකට. මොකද පූජා භූමියක ඉන්න සතෙක්ට කවුරුවත් කරදරයක් කරන්නේ නෑ.
හැබැයි දේවල භූමියට ආව මුවෙක්ව මරා මස් කරපු දේවාල කපුවෙක් ගැන වාර්තා වෙනවා. කණගාටුවට කරුණ නම් ඒ වෙන කොහෙවත් නෙවෙයි කතරගම පුදබිමේ තියෙන කඩවර දේවාලයේ කපුවා. පොලිසියට ලැබුන තොරතුරක් මත ඊයේ රාත්රියේ මේ වැටලීම කරා.
දේවාලය පිටුපස කපු මහතාගේ කාමරයේ තිබී මේ මුව මස් හොයා ගත්තා. කිලෝ 20 ක පමණ මුව මස් තොගයක් එහි ශීතකරණයක තිබී හමු වුණා. වනජීවී උසස් නිලධාරියකු පැවසුවේ කතරගම පුදබිම ආසන්නයේම සැරිසැරූ මුවකු මෙසේ මරා දමලා කියලා.