සල්මන් ඛාන්ට විරුද්ධව, අවුරුදු 18 ක් තිස්සේ තිබුන නඩුවක තීන්දුවක් අද ප්‍රකාශයට පත්කලා. ඒ 1998 දී වනජීවී සංරක්ෂණයේ දී රතු කළු කැකුළු මුවන් දෙදෙනෙකු වෙඩි තැබීම සම්බන්ධයෙන් තිබුන නඩුවක්. මේ තීන්දුවේදී සල්මන් වැරදිකරුවෙක් කියල අද තීන්දුව ප්‍රකාශ කළා. මෙහිදී සල්මන්ට අවුරුදු 5 ක සිර දඬුවමක් නියම කරල තියෙනවා.
ඉන්දියාවේ වනජීවී සංරක්ෂණ පනත යටතේ ජයපූර් අසල මැටානියා ගම්මානයේ සතුන් දඩයම් කිරීම තහනම්. මේ සිද්ධිය වූනේ 1998 අවුරුද්දේ “හම් සාත් සාත් හයින්” චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරදී. මේ චිත්‍රපටයට සම්බන්ධ වුන සමකාලීන තරු හතරක් වුන සයිෆ් අලි ඛාන්, සොනාලි බ්‍රෙන්දේ, තාබූ සහ නීලම් යන නළු නිළියනුත් මේ නඩුවේ විත්තිකරුවන් වුනා. ඒ වුනත් සල්මන්ගේ වාහනේ දඩයම් කරපු සතුන් එක්ක ගිණි අවිය තිබුණ නිසා ප්‍රධාන වැරදිකරුවා විදිහට දඬුවම් ලැබුනේ සල්මන්ට.
https://youtu.be/i4h3AQTVvp8