News Line| Off Air| Games
Generic placeholder image

Apr
8

අද ඔබ වැඩහිටි උපදෙස් පිළිපදින්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

1055 Views


අද ඔබ වැඩහිටි උපදෙස් පිළිපදින්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 අප්‍රියෙල් මස 08 වන ඉරිදා  
රාහු කාලය: දිවා කාලය සඳහා අලුයම 04.47 සිට උදෑසන 06.18 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය සවස 04.38 සිට 06.06 දක්වා 
සුභ දිශාව: නැගෙනහිර  
අසුභ දිශාව: උතුර 

 

මේෂ ලග්නය

එතරම් යහපත් නොවන දිනයක් වන අතර දැහැමිව කටයුතු කිරීමට වග බලාගත යුතු දිනයකි. දුරදක්නා නුවණින් යුතුව කටයුතු කළයුතු දිනයකි. නිවාස තුලදී මෙන්ම අන් අය අතර තමන් පිලිබඳ ගෞරවනීය හැගීම් ඇතිවන දිනයකි. නමුත් වැඩිහිටි උපදෙස් පිළිපැදීම යහපත් වන අතර තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කිරීමට වග බලාගන්න. ඉවසීමෙන් යුතුව, නිහතමානිකම ඇතිකර ගතයුතු දිනයක්.
ජය වර්ණය: ලා රෝස පැහැය                                             ජය අංකය: 04

වෘෂභ ලග්නය

සෑම අතින්ම ඔබ වඩාත් ආරක්ෂාකාරී විය යුතු දිනයකි. වාහන ධාවනයේදී වඩාත් ප්‍රවේසම් වන්න. අදායම් තත්වය නම් යහපත් වන දිනයකි. දෙමව්පියන්ට හා තමන්ගේ සමීපතමයින්ට වඩාත් ගෞරවයෙන් සලකන්න. අන් ඇහුම්කන් දෙන්න. ඉවසිලිවන්තව දිනය ගතකිරීම වඩාත් යහපත්.
ජය වර්ණය: ක්‍රීම් පැහැය                                                            ජය අංකය: 05

මිථුන ලග්නය

සිතෙන සිතෙන දේවල් හැමදෙයක්ම කිරීමට යාමෙන් වැළකිය යුතු දිනයක්. ඔබ කරනා කටයුතු සාර්ථක කරගත හැකි දිනයකි. කලා කටයුතු වල නියලෙන්නන්ටද බාධා ඇතිවිය හැකි දිනයකි.  ඉවසීමෙන් යුතුව, තැනට සුදුසු නුවන යොදාගනිමින්, අන් අයගේ මෙන්ම විශේෂයෙන්ම වැඩිහිටයන්ගේ උපදෙස් මත ක්‍රියා කිරීම වඩාත් වැදගත් වන දිනයක්.
ජය වර්ණය: කොළ පැහැය                                                         ජය අංකය: 03

 

කටක ලග්නය

සියලු අභියෝග ජය ගනිමින් කටයුතු කළහැකි දිනයකි. නමුත් මානසික පීඩා ඇතිවිය හැකි දිනයකි. එබැවින් වඩාත් කල්පනාකාරී වන්න. තනි තීරණ මත ක්‍රියා කිරීම තුලින් ඔබට පෙර නොවූ විරූ අන්දමේ අයහපත් ප්‍රතිඵල ඇතිවිය හැකි දිනයක්. එබැවින් ප්‍රවේසම් වන්න.දේශගුණික වෙනස්වීම් නිසා ඔබට බාධා ඇතිවිය හැකිය. අවංකව හා ඉවසිලිවන්තව කටයුතු කිරීම වඩාත් වැදගත්.
ජය වර්ණය: සුදු පැහැය                                                 ජය අංකය: 09

සිංහ ලග්නය

දරුවන් පිළිබඳව වැඩියෙන් සැළකිලිමත් විය යුතු දිනයකි. වැඩ කටයුතු හා වගකීම් බහුලව පැවරෙන දිනයක් වන බැවින් මනා සලසුම් සහිතව වැඩ කටයුතු කිරීමට සිත යොදවන්න. අනවශ්‍ය ගමන් බිමන් ඉවත දමන්න. සෞක්‍ය පිළිබඳව වෙනදට වඩා සැළකිලිමත් විය යුතු අතර සෑහෙන කලක පටන් තිබෙන රෝගයකට තිබෙනවානම් වහාම ප්‍රතිකාර ගැනීමට යොමුවන්න.
ජය වර්ණය: රතු පැහැය                                                ජය අංකය: 08

කන්‍යා ලග්නය

පවුලේ සමගිය වැඩි වන දිනයකි. ප්‍රේම සම්බන්ධතා ඇතිවන දිනයකි. ඔබේ රැකියාව, ව්‍යාපාරය, ඔබේ තරාතිරම කුමක් වුත් තනි තනි වශයෙන් වෙනදාට වඩා බොහෝ සෙයින් ඔබට වෙහෙසවීමට සිදුවන දිනයක්. තීන්දු තීරණ ගනීම්දී ප්‍රවේසම් වීම වැදගත්. ඔබේ කෝපය හා පමණ ඉක්මවා යාම පාලනය කරගත යුතු දිනයකි. ඉවසීම ඔබට වඩාත් වැදගත් වේවි.
ජය වර්ණය: ලා කොළ පැහැය                                                 ජය අංකය: 05

 

තුලා ලග්නය

ඔබේ බලය වෙනදට වැඩියෙන් උද්දීපනය වන දිනයකි. තම කාය ශක්තිය විහාල යන අන් අය අතර තමන්ගේ බලය හා තම පෞරුෂත්වය මනාව පෙන්වාලියහැකි දිනයක්. ඔබට පැවරෙන වගකීම් නිසි ලෙස ඉටු කරන්න.  තමන් තුල නිහතමානි ගති ලක්ෂණ ඇති කරගැනීමට වග බලාගන්න. තීන්දු තීරණ ගැනීමේදී කල්පනාකාරී වන්න. මනා සංයමයකින් යුතුව කටයුතු කරන්න.
ජය වර්ණය: ක්‍රීම් පැහැය                                                    ජය අංකය: 03

වෘශ්චික ලග්නය

 

තම තැන්පත් ධනය වැඩි වන දිනයකි. සෙම් සහිත රෝග වලින්ද වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. නව සිතුවිලි හා නව බලාපොරොත්තු ඇතිවන දිනයක් වනමුත් වෙනදට වඩා බොහොලෙස බලපාන්නාවූ අලසකමක් ඇති වන දිනයක්. එබැවින් කල්පනාකාරීව වැඩ කය්ටයුතු ආරම්භ කරන්න. විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටි ඔබට වඩාත් යෝග්‍ය දිනයකි.
ජය වර්ණය: ලා රෝස පැහැය                                               ජය අංකය: 03

 

 

ධනු ලග්නය

අනතුරු වලින් වැළකිය යුතු දිනයකි. අද දින ඔබට වෙනදට වඩා ධනය වැඩි වන නමුත් ඔබේ සැනසීමට බාධා එල්ල වන දිනයක්. අහංකාර ගතිලක්ෂණ අද දින තුල පෙන්නුම් කරන බැවින් ඒවා දුරලා නිහතමානි වීමට වග බලාගන්න. වඩාත් කාර්යබහුල විය හැකි දිනයක් වන නිසාම සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කරන්න. කළා කටයුතු සාර්ථක වන දිනයකි.
ජය වර්ණය: රන්වන් පැහැය                                             ජය අංකය: 04

 

මකර ලග්නය

අනවශ්‍ය පරිත්‍යාග කිරීමෙන් වැළකිය යුතු දිනයකි. නැතිනම් සිත් අමනාපකම් ඇතිවීමටද ඉඩ ඇති දිනයකි. ඔබට ඉල්ලුමක් ඇතිවන දිනයකි. ක්‍රියාශීලී දිනයක් වන නමුත් නිවැරදි තීරණ නොගැනීම මත දිනය අසාර්ථක විය හැකිය. එබැවින් තීරණ ගැනීමේදී වඩාත් ඉවසිල්ලෙන් හා කල්පනාකාරීව කටයුතු කරන්න. වැඩිහිටි උපදෙස් පිළිපදින්න.
ජය වර්ණය: රතු පැහැය                                                          ජය අංකය: 03

 

 

කුම්භ ලග්නය

සෞඛ්‍ය තත්වය පිළිබඳව ඔබ වඩාත් සැළකිලිමත් විය යුතු දිනයකි. හොඳ මිතුරන් ආශ්‍රයට ඉඩ ලැබෙන දිනයක් වන අතර සිත සතුටින් ගත කරයි. සතුරු කරදර යටපත් වන දිනයකි. අන් අය අතර කැපී පෙනෙන දිනයක්. වැඩිහිටියන්ගේ උපදෙස් මත කටයුතු කරන්න. තරහව හා වෛරය ඉවතලා තීන්දු තීරණ ගන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය                                                        ජය අංකය: 02

 

මීන ලග්නය

ඔබ කරන රැකියාව හා ව්‍යාපාර කටයුතු නිසි වෙලාවට කිරීමට වග බලාගන්න.  ඔබ කරන යහපත අයපතක් වීමට වැඩි කල් නොයයි. ඒ නිසාම ඔබ සිත් තැවුලෙන් දිනය ගතකරයි. නමුත් කල්පනාකාරී වීම තුල වැරදුනු තැන මගහරවා ගත හැකිය. ආදායම් මාර්ග පිළිබඳව වැඩියෙන් සිතා බලන්න. තමන්ට අවංක වීම වඩාත් වැදගත්. වැඩිහිටි උපදෙස් නිතරම ඔබව රක්ෂා  කරන බව මතක තබාගන්න.
ජය වර්ණය: රන්වන් පැහැය                                                   ජය අංකය: 08
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී වයි. එම්. කේ. යාපා බණ්ඩාර 
දුරකථන: 0777 44 86 44


News Articles
Latest Videos
Most Popular Post