News Line| Off Air
Generic placeholder image

Apr
7

සල්මන් ඛාන් හිරෙන් එළියට එයි. දඬුවම් දුන් විනිසුරුවරුන්ට ස්ථාන මාරු – EXCLUSIVE

1338 Views


සල්මන් ඛාන් හිරෙන් එළියට එයි. දඬුවම් දුන් විනිසුරුවරුන්ට ස්ථාන මාරු – EXCLUSIVE

දුර්ලභ ගණයේ සත්ත්වයින් දඩයම් කිරීමේ චෝදනාව යටතේ වසර 05 ක කාලයක් සදහා සිර දඩුවම් නියම වූ බොලිවුඞ් සිනමා නලූ සල්මාන් ඛාන් හට ඇප ලැබී තිබෙනවා. ඒ, ජෝද්පූර් දිස්ති‍්‍රක් අධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනුවයි.

ඔහුට අධිකරණ අවසරයකින් තොරව විදේශගත වීම කහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සිර දඩුවම් නියම වීමෙන් පසු සල්මන් ඛාන් දින 02 ක් බන්ධනාගාරයේ ගත කළේ පසුගිය 05 වනදා සිටයි.

මේ අතර, සල්මන් ඛාන් හට වසර 5ක සිර දඩුවමක් නියම කල විනිසුරුවරයාට ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා. එමෙන්ම සල්මන් ඛාන්ගේ දඩුවමේ කාල සීමාව සම්බන්ධයෙන් අද විනිශ්චයකට එළඹීමට සිිටින විනිසුරු වරයාට ද එලෙස ස්ථාන මාරුවක් ලබාදී ඇති බවයි ඉන්දීය මාධ්‍ය සදහන් කලේ.

නමුත් අධිකරණ බළධාරීන් ප‍්‍රකාශ කර ඇත්තේ රාජස්්ථාන් මහාධිකරණය මගින් ඔවුන් මෙලෙස මාරු කර ඇත්තේ වාර්ෂික සාමාන්‍ය මාරු කිරීම් යටතේ බවයි. සල්මාන් ඛාන් හට මෙලෙස සිර දඩුවම් නියම වුණේ, දුර්ලභ ගණයේ මුව විශේෂයක් වන කලූ ඇන්ටිලොප් සත්ත්වයන් දෙදෙනෙකු දඩයම් කිරීමේ චෝදනාව යටතේයි. 1988 වසරේදී චිත‍්‍රපටයක රූගත කිරිම් අතරතුර සල්මන් ඛාන් එම සතුන් දඩයම් කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post