News Line| Off Air
Generic placeholder image

Apr
8

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝකෙටම ගෙනියන්න රසල් අනොල්ඩ්ට සුපිරි තනතුරක්.

800 Views


ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝකෙටම ගෙනියන්න රසල් අනොල්ඩ්ට සුපිරි තනතුරක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට සුපිරි ක්‍රිකට් අත්දැකීමක් ගෙන එන්න “ලන්කන් ප්‍රිමියර් ලීග්” ලබන අගෝස්තුවේදී ආරම්භ වෙනවා. මේ වෙද්දී තරඟවලියේ මූලික සැළසුම් සකස් කරමින් ඉන්නවා. LPL මෙහෙයවීමේ වගකීම රසල් ආනෝල්ඩ් වෙත පවරලා තියෙනවා.

ලන්කන් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අධ්‍යක්ෂක විදියටයි රසල් ආනෝල්ඩ් පත් කරලා තියෙන්නේ. තරඟාවලිය අගෝස්තු 18 ඉදලා සැප්තැම්බර් 10 වෙනිදා දක්වා පවත්වන්න සැලසුම් කරලා තියෙනවා. කණ්ඩායම් 6 ක් LPL තරඟාවලියේ දී තරඟ වදින්න නියමිතයි. ඒ වගේම ප්‍රභල විදේශ ක්‍රීඩකයින් රැසකුත් LPL වලට එකතු කර ගන්නවා කියලා ක්‍රිකට් ආයතනය සඳහන් කරා.

“නිදහස් කුසලානය අපි හොඳට කරා. LPL තරඟාවලිය කියන්නේ ඊට වඩා ලොකු අභියෝගයක්. ආනෝල්ඩ් කියන්නේ ලෝකය පුරාම ගිහින් හැම ප්‍රිමියර් ලීග් තරඟාවලියක් ගැනම හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්. ඒ නිසා මේ තරඟාවලියේ වගකීම දෙන්න හොඳම කෙනා ඔහු.” කියලයි ක්‍රිකට් ආයතනය සඳහන් කරේ.


News Articles
Latest Videos
Most Popular Post