News Line| Off Air
Generic placeholder image

Apr
9

පැස්ටා කෑවම ඇගේ බර වැඩි වෙන කතාව බොරු. ඇත්ත මෙන්න.

1081 Views


පැස්ටා කෑවම ඇගේ බර වැඩි වෙන කතාව බොරු. ඇත්ත මෙන්න.

අද කලේ ගොඩක් අය කෑමට ආසයි බයයි. කෑම දැක්කම කොච්චර කන්න ආස හිතුනත් මහත් වෙයි කියලා බයයි. එහෙම නැත්නම් සීනි වැඩිවෙයි කියලා බයයි. හැබැයි ඔය කිසි දෙකට බය නොවී කන්න පුළුවන් කෑමක් තියෙනවා.

ඒ තමයි “පැස්ටා”. ඉතාලියෙන් හොයා ගත්ත කෑමක් වෙන පැස්ටා මේ වෙද්දී ලෝකය පුරාම ජනප්‍රියයි. හැබැයි පැස්ටා පිෂ්ඨය අඩංගු ආහාරයක් නිසා ගොඩක් අය පැස්ටා කන්න බයයි. හැබැයි පැස්ටා කෑවොත් ශරීරයේ බර අඩු වෙනවා කියලා පරීක්ෂකයින් පිරිසක් හොයාගෙන තියෙනවා. පැස්ටාවල පෝෂණ ගුණය නිසා රුධිරගත සීනි ප්‍රමාණය ඉහළ යන්නේ නෑ කියලයි පරීක්ෂකයින් කියන්නේ.

ඒ වගේම පැස්ටා ආහාරයට ගත්තාම බඩගිනි දැනීම ප්‍රමාද එන නිසා ශරීරයට කැලරි අධිකව ලබා ගැනීමත් අඩු වෙනවා. පැස්ටා ආහාරයට ගත්තට ශරීරයේ බර වැඩි වීමක් හෝ තෙල් ප්‍රමාණය වැඩි වීමක් වෙන්නේ නෑ කියලා පරීක්ෂණය කරපු කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ ශාන්ත මයිකල් රෝහලේ වෛද්‍ය ජෝන් සියෙවෙන් පයිසර් පවසනවා.

ඔහු මේ පරීක්ෂණය කරලා තියෙන්නේ පුද්ගලයින් 2448 ක් යොදා ගෙන පරීක්ෂණ 29 ක් විශ්ලේෂණය කරලා. දැන් ඉතිං කන්න බයේ හිටිය අයට බය නැතුව බඩ පිරෙන්න පැස්ටා කන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post