News Line| Off Air
Generic placeholder image

Apr
9

හොලිවුඩයේදී ටයිටැනික් නැව ආයෙත් ගිලෙයි.

1126 Views


හොලිවුඩයේදී ටයිටැනික් නැව ආයෙත් ගිලෙයි.

ටයිටැනික් කියන්නේ තාමත් ජනප්‍රියම චිත්‍රපටයක් ඒ වගේම ආදායම් වාර්තා වලත් ඉහළින්ම තියෙන චිත්‍රපටියක්. හැබැයි බ්ලැක් පැන්තර් නිසා ටයිටැනික් ආයෙත් ගිලිලා කියලා ආරංචි වුණා.

මේ දවස්වල තිරගත වෙන බ්ලැක් පැන්තර් චිත්‍රපටිය ආදායම් වාර්තා බිඳ දමමින් තිරගත වෙනවා. මේ වෙද්දී ඇමෙරිකාවේ විතරක් ඩොලර් මිලියන 665.4 ක ආදායමක් ලබලා තියෙනවා. ඒ නිසා මෙච්චර දවසක් ඇමෙරිකාවේ තුන්වන වැඩිම ආදායමක් ලබපු චිත්‍රපටිය වන ටයිටැනික් චිත්‍රපටියට 4 වන ස්ථානය දකවා පහු බහින්න සිද්ධ වුණා.

ටයිටැනික් චිත්‍රපටිය ඇමෙරිකාවේ ඩොලර් මිලියන 659.4 ක ආදායමක් ලබාගෙන තිබුණා. ටයිටනික් චිත්‍රපටිය මේ ආදායම් වාර්තාව පිහිටවනු ලැබුවේ 1997 අවුරුද්දේදී. අවුරුදු 28 කට පස්සේ බ්ලැක් පැන්තර් චිත්‍රපටිය මේ ආදායම් වාර්තා බිඳ දමන්න සමත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post