News Line| Off Air
Generic placeholder image

Apr
10

IPL තරඟාවලියේදී ඊයේ දවසේ මොකද වුනේ?

549 Views


IPL තරඟාවලියේදී ඊයේ දවසේ මොකද වුනේ?

ලෝක ක්‍රිකට් සැණකෙළියක් බඳු වූ IPL තරඟාවලියේ 4 වන තරඟය ඊයේ පවත් වුනා. ඒ Rajasthan Royals කණ්ඩායම සහ Sunrisers Hyderabad කණ්ඩායම සමඟ. කඩුලු 9 ක විශිෂ්ඨ ජයක් ලබා ගන්න Sunrisers Hyderabad කණ්ඩායම සමත් වුණා.

මුලින්ම පන්දුවට පහර දුන්න RR කණ්ඩායමට කඩුලු 9 ක් දැවී ලබා ගන්න පුළුවන් වුණේ ලකුණු 125 ක් විතරයි. නායක අජින්කෙයා රහනේ ;ලකුණු 13 යි. RR කණ්ඩායමේ සාර්ථක එකම පිතිකරුවා වුනේ සංජු සැම්සන් විතරයි. ඔහු ලකුණු 49 ක් රැස් කරා. ඒ 4 පහර 5 ක් සමඟින්. ගෝපාල් ලකුණු 18 යි. පන්දු යැවීමේදී ෂකිබ් අල් හසන් සහ සිද්ධාර්ත් කවුල් කඩුලු 2 ක් දවා ගත්තා.

SH කණ්ඩායමට ලැබුනේ ලකුණු 126 ක පහසු ඉලක්කයක්. ඔවුන් පන්දුවාර 15 යි පන්දු 5 කදී එක කඩුල්ලක් විතරක් දැවී පහසුවෙන් තරඟය ජයග්‍රහණය කරා. සාහා ලකුණු 5 කට දැවී ගියා. ඊට පස්සේ පිටියේ එක්වුන ශිකර් ධවාන් සහ විලියම්සන් නොබිඳිනු ලකුණු 121 ක සම්බන්ධතාවකින් කණ්ඩායම ජයග්‍රහණයට රැගෙන ගියා.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කල ශිකර් ධවාන් නොදැවී ලකුණු 77 යි. ඔහුගේ ඉනිමට 4 පහර 13 ක් සහ 6 පහරක් ඇතුලත් වුණා. විලියම්සන් නොදැවී ලකුණු 36 යි. තරඟයේ වීරයා ශිකර් ධවාන්.

මේ වෙද්දී IPL කණ්ඩායම් ප්‍රසාද ලකුණු සටහන.


News Articles
Latest Videos
Most Popular Post