News Line| Off Air
Generic placeholder image

Apr
10

දවස් 5 ක් Facebook නොගියොත් ඔබට වෙන දේ මෙන්න.

1465 Views


දවස් 5 ක් Facebook නොගියොත් ඔබට වෙන දේ මෙන්න.

අද කාලේ සමහරුන්ට Facebook එකට ගියේ නෑ කියන්නේ කෑවේ නෑ වගේ. සමහරු උදේ ඉදන් රෑ වෙනකන් පැල් බැඳගෙන Facebook එකේ ඉන්නවා. හැබැයි කොච්චර Facebook එකේ හිටියත් ඒ අය ඉන්නේ ලොකු ආතතියකින්.

මේකට පිළියමක් ඕස්‌ට්‍රේලියාවේ ක්‌වින්ස්‌ලන්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක්‌ හොයාගෙන තියෙනවා. පර්යේෂකයින් කියන විදියට දවස් 5 ක් ඔබට Facebook එකට නොයා ඉන්න පුළුවන් නම් මානසික ආතතිය සෑහෙන පමණින් අඩු කර ගන්න පුළුවන්. ඒ වගේම Facebook එකෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා ඉන්න පුළුවන් නම් ආතතිය ඇති කරන තොරතුරු දන ගැනීමෙන් වැළකී ඉන්න පුළුවන්.

දින 05ක කාලයක්‌ Facebook නොගිහින් හිටියොත් ආතතිය ඇති කරවන හෝමෝනයක්‌ වන ‘කෝටිසෝල්’ නිපදවීම අඩු කරවන බව මේ පරීක්ෂණයෙන් හොයාගෙන තියෙනවා. මෙම අධ්‍යයනට Facebook නිරතුරුව පරිහරණය කරන 138 දෙනකු යොදා ගෙන තියෙනවා. ඔවුන්ට දින 05ක කාලයක්‌ Facebook නොගිහින් ඉන්න කියලා උපදෙස් දීලා.


News Articles
Latest Videos
Most Popular Post