News Line| Off Air
Generic placeholder image

Apr
11

සංගක්කාරට දුන් තනතුරම ලංකාවෙදි යකා නටපු ශකිබ් අල් හසන්ටත් පිරිනමයි. – ICC යේ ඩබල් ගේම මෙන්න.

1256 Views


සංගක්කාරට දුන් තනතුරම ලංකාවෙදි යකා නටපු ශකිබ් අල් හසන්ටත් පිරිනමයි. – ICC යේ ඩබල් ගේම මෙන්න.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගම් සම්මේලනය නව ක්‍රීඩක උපදේශක කමිටුවක් පහුගිය දා පත් කරා. ක්‍රීඩකයන්හට ක්‍රීඩාවේදී ඇතිවන ඉහළ මට්ටමේ ගැටලු සහ විවිධ කරුණු පිළිබඳ සොයා බලා ඔවුන් වෙනුවෙන් ශක්තිමත්ව හඬ නැඟීම වෙනුවෙන් තමයි මේ කමිටුව කටයුතු කරන්නේ.

ශ්‍රී ලංකාවෙන් බිහිවුන සුපිරි ක්‍රීඩක කුමාර සංගක්කාරත් මේ නව ක්‍රීඩක උපදේශක කමිටුවට ඇතුලත් කරලා තියෙනවා. ඒ වගේම හිටපු දකුණු අප්‍රිකා හිටපු නායක ග්‍රැහැම් ස්මිත් ද මෙම කමිටුවට ඇතුලත්. ඔවුන් දෙදෙනා හැරුණු කොට මේ වන විටත් ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩකයින් 7 දෙනෙක් මේ කමිටුවට ඇතුලත්.

පහුගිය දා නිදහස් කුසලාන තරඟාවලියේදී ක්‍රීඩාගාරයේ දොර කුඩු කරමින්, විනිසුරුවන්ට ඇඟිල්ල දික් කරමින් අශෝභන ලෙස හැසිරුණ බංගලාදේශ නායක ෂකිබ් අල් හසන් පවා ඇතුලත්. මේ වගේ විශේෂ කමිටුවකට කිසිම විනයක් නැති ක්‍රීඩකයෙක් පත් කිරීම ඉතාම හාස්‍යජනක කාරණයක්. ලෝකය පුරාම ක්‍රිකට් විචාරකයින් පවා මේ ගැන විමතිය පලකරා.

ඔහුට අමතරව නවසීලන්ත ක්‍රීඩක රොස් ටේලර්, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර්, අයර්ලන්ත ක්‍රීඩක විලියම් පොර්ට්ෆීල්ඩ්, ඕස්ට්‍රේලියා ක්‍රීඩක ආරොන් ෆින්ච්, දකුණු අප්‍රිකා ක්‍රීඩක ජේ. පී. ඩුමිනි සහ ස්කොට්ලන්ත ක්‍රීඩක කයිල් කොට්සර් එම කමිටුවට ඇතුළත්.


News Articles
Latest Videos
Most Popular Post