IPL තරඟාවලියේ 6 වන තරඟය ඊයේ පවත් වුනා Kolkata Knight Riders සහ Chennai Super Kings අතර. ඒ තරඟයෙන් එක පන්දුවක් විතරක් ඉතිරිව තියෙද්දී කඩුලු 5 ක ජයක් ලබා ගන්න Chennai Super Kings කණ්ඩායමට පුළුවන් වුණා.
මුලින්ම පන්දුවට පහර දුන්න KKR කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 202 ක් ලබා ගත්තා. ඒ කඩුලු 6 ක් දැවී. ක්‍රිස් ලයින් ලකුණු 22 යි. උතප්පා ලකුණු 29 යි. නායක කාර්තික් ලකුණු 26 ක් ලබා ගත්තා.සුපිරි ඉනිමක් ක්‍රීඩා කල ඇන්ඩ්රූ රසෙල් නොදැවී ලකුණු 88 යි. ඔහුගේ ඉනිමට 4 පහරක් සහ දැවැන්ත 6 පහර 11 ක් ඇතුලත් වුණා. පන්දු යැවීමේදී ෂේන් වොට්සන් කඩුලු 2 ක් දවා ගත්තා.
CSK කණ්ඩායමට ලකුණු 203 ක් දැවැන්ත ඉලක්කයක් හිමිවුණා. නමුත් ආරම්භයේ පටන්න දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන්න CSK පිතුකරුවන් සමත් වුණා. ෂේන් වොට්සන් ලකුණු 42 යි. ඔහුගේ ඉනිමට 4 පහර 3 ක් සහ 6 පහර 3 ක් ඇතුලත් වුණා. අම්බාති රයුදු ලකුණු 39 යි. නායක දෝනි ලකුණු 25 යි. දැවැන්ත ඉනිමක් ක්‍රීඩා කල සෑම් බිලින්ග්ස් ලකුණු 56 ක් ලබා ගත්තා.
අවසන් මොහොතේදී තරඟය ජයග්‍රහණය සඳහා පන්දු එකට ලකුණු 4 ක් අවශ්‍යව තිබුණා. නමුත් දැවැන්ත 6 පහරක් එල්ල කල ජඩේජා එක පන්දුවක් ඉතිරිව තිබියදී තරඟය ජයග්‍රහණය කරා ගෙන ගියා. ටොම් කුරාන් කඩුලු 2 යි. තරඟයේ වීරයා සම්මානය දිනා ගත්තේ සෑම් බිලින්ග්ස්.
මේ දක්වා ක්‍රීඩා කල තරඟ 2 ම CSK කණ්ඩායම ජයග්‍රහණය කලා. ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ ඔවුන් ඉදිරියෙන්ම ඉන්නවා.