කතාවටත් කියනවා නේ දකුණේ මිනිස්සු වැඩකාරයෝ කියලා. දකුණෙන් බිහිවෙලා ලෝකයම ජය ගත්ත චරිත ඕනෑ තරම් ඉන්නවා. කොහේ ගියත් දකුණේ නම තියන්න දකුණේ මිනිස්සු දක්ෂයි.
මේ සැරේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඒකට හොඳම සාක්ෂියක් සපයනවා. 2මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව ප්‍රථම ස්ථානය ලැබිලා තියෙන්නේ දකුණු පළාතට. දෙවන ස්ථානය හිමි වෙලා තියෙන්නේ වයඹ පළාතට. බස්නාහිර පළාතට හිමි වෙලා තියෙන්නේ 3 වන ස්ථානය.
2017 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් 73.05% ක් මෙවර උසස් පෙළ සඳහා සුදුසුකම් ලබලා තියෙනවා. මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් ලංකාවෙන් වැඩිම සිසුන් ප්‍රතිශතයක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබලා තියෙන්නේ දකුණු පළාතෙන්. ඒ 79.4% ක ප්‍රතිශතයක්. 2016 වසරේත් ලංකාවෙන් වැඩිම සිසුන් ප්‍රතිශතයක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබලා තියෙන්නේ දකුණු පළාතෙන්.
2017 වසරේ දිස්ත්‍රික් ප්‍රතිඵල අනුව පළවෙනි ස්ථාන 3 ම හිමිවෙලා තියෙන්නේ දකුණු පළාතේ දිස්ත්‍රික්ක 3 ට. 80.06% ක සමත් ප්‍රතිඵලයක් තියෙන හම්බන්තොට දිස්ත්‍රික්කය ප්‍රථම ස්ථානය ලබා ගෙන තියෙනවා. මාතර දිස්ත්‍රික්කය 80.03% ක සමත් ප්‍රතිශතයක් ඇතුව දෙවන ස්ථානය හිමි කර ගෙන තියෙනවා. 78.58% ක සමත් ප්‍රතිශතයක් තියෙන ගාල්ල ලංකාවෙන්ම 3 වන ස්ථානය හිමි කර ගෙන තියෙනවා.
අධ්‍යාපන කලාප අනුව ප්‍රතිඵල ගත්තත් දකුණු පළාතේ කලාප 2 ක් ප්‍රථම සහ තුන්වන ස්ථාන ලබා ගෙන තියෙනවා. 2016 වසරේ වගේම 2017 වසරේත් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අතින් හොඳම අධ්‍යාපන කලාපය විදියට වලස්මුල්ල අධ්‍යාපන කලාපය තේරිලා තියෙනවා. දෙවන ස්ථානය හිමි කර ගෙන තියෙන්නේ මහනුවර අධ්‍යාපන කලාපය. මාතර අධ්‍යාපන කලාපය තුන්වන ස්ථානය ලබා ගෙන තියෙනවා,
ඒ වගේම අනෙක් වැදගත් කරුණක් වන්නේ සියලු විෂයන් අසමත් සිසුන් අඩුම සංඛ්‍යාවද දකුණු පළාතෙන් වාර්තා වීමයි. ඒ 1.2% ක ප්‍රතිශතයක්.