News Line| Off Air
Generic placeholder image

Apr
12

“අම්මා තාත්තා ගැන මතක් කරනකොට ක්‍රීඩා ඇමතිතුමා ගැනත් මතක් කරන්න. එතුමා තමයි මේ පදක්කම් පිටිපස්සෙ හිටියේ.” – පොදුරද මඩුලු පදක්කම් දිනූ ක්‍රීඩකයන්ට ගුවන් තොටුපොලේදී ක්‍රීඩා බලධාරීන් උපදෙස් දුන් හැටි. – Exclusive Video

1440 Views


“අම්මා තාත්තා ගැන මතක් කරනකොට ක්‍රීඩා ඇමතිතුමා ගැනත් මතක් කරන්න. එතුමා තමයි මේ පදක්කම් පිටිපස්සෙ හිටියේ.” – පොදුරද මඩුලු පදක්කම් දිනූ ක්‍රීඩකයන්ට ගුවන් තොටුපොලේදී ක්‍රීඩා බලධාරීන් උපදෙස් දුන් හැටි. – Exclusive Video

මේ ගෙවෙන්නේ 21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩ උලෙළේ අවසන් දින කිහිපය. වෙනදට වඩා මේ පාර ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්ශතා දක්වපු නිසා රටේම අවධානය මේ ක්‍රීඩා උළෙලට ලැබුණා.

මේ වෙද්දි රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනූ ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 25 වෙනි තැන රැදී සිටිනවා. කොහොම වුණත් මේ පදක්කම් 4න් 3ක්ම බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් ලැබීම විශේෂත්වයක්.

දිනූ පදක්කම් එක්ක ඕස්ට්‍රේලියාවේ ඉඳලා ශ්‍රී ලංකා බර ඉසිලීමේ කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණියා. ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඇතුලු ක්‍රීඩා නිලධාරීන් කටුනායක ගුවන් තොටුපොළේදී මව් බිමට කීර්තියක් දිනා දුන් අයව පිළිගත්තේ මහත් හරසරින්.

ඊට පස්සේ ගුවන් තොටුපොළේ විශේෂ අමුත්තන් සදහා වූ ප්‍රදේශයේ දී ක්‍රීඩා ඇමති ඇතුලු ඉසිලීමේ සංගමයේ සභාපති සහ ක්‍රීඩකයන් අතර සුහද  හමුවක් පැවැත් වුණා.

එහිදී බර ඉසිලීමේ ක්‍රීඩාව භාර ඉහල පෙලේ නිලධාරියෙක්, මාධ්‍ය වෙත අදහස් දක්වද්දී ක්‍රීඩකයන්ගේ කටින් කියවිය යුතු අයගේ නම් List එක ගැන ක්‍රීඩකයන් දැනුවත් කළා. මේ තියෙන්නේ ඒ Video එක.

https://youtu.be/wXQf2CpuxiY?list=PLnWpmV94EDCDVRTU6wWOfVGWo8XG6LWQb


News Articles
Latest Videos
Most Popular Post