News Line| Off Air
Generic placeholder image

Apr
12

IPL පන්දුවාර 6 ට අඩු වෙයි.

699 Views


IPL පන්දුවාර 6 ට අඩු වෙයි.

IPL තරඟාවලියේ 6 වන තරඟය ඊයේ පැවැත්වුනා. ඒ Rajasthan Royals සහ Delhi Daredevils අතර. වර්ෂාවේ බාධාවන් මැද්දේ තිබ්බ මේ තරඟයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ජය ගන්න Rajasthan Royals කණ්ඩායම සමත් වුණා.

මුලින්ම පන්දුවට පහර දුන්නේ Rajasthan Royals කණ්ඩායම. වර්ෂාවෙන් ඇති වුන බාධා කිරීම් නිසා ඔවුන්ට ලැබුනේ පන්දුවාර 17.5 ක් විතරයි. කඩුලු 5 ක් දැවී ලකුණු 153 ක් ලබා ගන්න RR කණ්ඩායම සමත් වුණා. නායක රහනේ ලකුණු 45 යි. සංජු සැම්සන් ලකුණු 37 යි. ඔහුගේ ඉනිමට 4 පහර 2 ක් සහ 6 පහර 2 ක් ඇතුලත් වුණා.

ජෝස් බට්ලර් ලකුණු 29 යි. ෂබාස් නදීම් කඩුලු 2 ක් දවා ගත්තා. මොහොමඩ් ෂමි සහ ට්‍රෙන්ට් බෝල්ට් එක කඩුල්ල බැගින් දවා ගත්තා. නැවතත් තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වුන නිසා දක්වාත් ලුවිස් න්‍යායට DD කණ්ඩායමට ලකුණු 71 ක් ඉලක්කයක් ලැබුණා. ඒ සඳහා ඔවුන්ට ලැබුනේ පන්දුවාර 6 ක් විතරයි.

මැක්ස්වෙල් ලකුණු 17 කට දැවී ගියා. රිශාබ් පාන්ට් ලකුණු 20 යි. මොරිස් නොදැවී ලකුණු 17 යි. පන්දුවාර 6 අවසන් වෙද්දී DD කණ්ඩායමට ලබා ගන්න පුළුවන් වුනේ ලකුණු 60 ක් විතරයි. ඒ කඩුලු 4 ක් බිඳ වැටි. Ben Laughlin කඩුලු 2 යි. තරඟයේ වීරයා සංජු සැම්සන්.


News Articles
Latest Videos
Most Popular Post