අද ඔබට කාර්යබහුල දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.
686 Views
අද 2018 අප්‍රියෙල් මස 13 වන සිකුරාදා
රාහු කාලය: දිවා කාලය උදෑසන 10.39 සිට දහවල් 12.10 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.43 සිට අලුයම 12.11 දක්වා
සුභ දිශාව: උතුර
මරු සිටින දිශාව: ගිනිකොණ
මේෂ ලග්නය

හවුල් ව්‍යාපාර කටයුතු වලට වඩාත් යෝග්‍ය දිනයකි. සමාජ ගෞරවයට පාත්‍ර වන දිනයකි. ආගමානුකුලව මෙන්ම සැලසුම් සහිතව ක්‍රියාත්මක විය යුතු දිනයකි. වැඩ අධික වන ඔබ වෙනදට වඩා වඩාත් කාර්යබහුල විය හැකි දිනයකි.
ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය ජය අංකය: 04
වෘෂභ ලග්නය

කායික ශක්තිය වර්ධනය වන දිනයකි. රැකියා හා ව්‍යාපාර ආශ්‍රිතව වැඩි දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. නමුත් ඉවසීම හා කල්පනාකාරී වීම ඔබට යහපත් ප්‍රතිඵල ගෙන දෙන දිනයකි. තරගකාරී කටයුතු වලටද යෝග්‍ය දිනයකි. නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කිරීම හා කල්පනාකාරී වීම ඔබට යහපත් ප්‍රතිඵල ගෙන දෙවි.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 04
මිථුන ලග්නය

ඔබේ දූ දරුවන්ගේ වැඩ කටයුතු පිළිබඳව වෙනදට වඩා වැඩි උනන්දුවක් දැක්විය යුතු දිනයකි. පවුල් ජීවිතය වඩාත් සාර්ථක වන දිනයකි. නොමදව ඔබට සැප සම්පත් ලැබෙන දිනයකි. ආමාශගත රෝග පීඩා දුරුවන දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 03
කටක ලග්නය

මානසික පීඩා ඇතිවිය හැකි දිනයකි. සෙම් සහිත රෝග තිබේනම් වඩාත් කල්පනාකාරී වන්න. දුර බැහැර ගමන් බිමන් ඇතිවන දිනයකි. හේතුවක් නොමැතිව ප්‍රශ්න ඇතිවිය හැකි දිනයකි. එබැවින් වඩාත් කල්පනාකාරීව තීන්දු තීරණ ගැනීමට යොමු විය යුතු දිනයකි.
ජය වර්ණය: විසිතුරු පැහැය ජය අංකය: 09
සිංහ ලග්නය

තරමක බාධාකාරී තත්වයන් ඇතිවිය හැකි දිනයකි. එබැවින් වඩාත් ප්‍රවේසමෙන් කටයුතු කළයුතු දිනයකි. වචන භාවිතයේදීද ඔබ වඩාත් කල්පනාකාරී වන්න. ඔබේ වැඩ කටයුතු සියල්ල හොදින් සිතා බලා කල්පනාකාරීව හා වඩාත් ඉවසිලිවන්තව සම්පාදනය කරගත යුතු දිනයකි.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 02
කන්‍යා ලග්නය

හොදින් සිතා බලා කටයුතු කරන දිනයකි. ඒ නිසාම ඔබව සොයාගෙන බොහෝ පිරිස් එන දිනයකි. ඔබේ වචනය අන් අය අතර මෙන්ම සමාජය තුලද බොහෝ ලෙස බලවත් වන දිනයකි. වැඩිහිටියන්ගෙන් මෙන්ම හිත මිතුරන්ගෙන් උදව් ලැබෙන දිනයකි. නමුත් කල්පනාකාරීව ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම වැදගත්.
ජය වර්ණය: ලා දම් පැහැය ජය අංකය: 07
තුලා ලග්නය

අලුත් වැඩ කටයුතු වලට හොද ආරම්භයක් ලැබෙන දිනයකි. ගමන් බිමන් ඇතිවන දිනයක් වන අතර ඒවා වලින් සාර්ථකත්වයක් ලැබිය හැකි දිනයකි. ජීවිතයට නව බලාපොරොත්තු, අලුතින් අය එකතු වන සුභ දිනයකි. නිසි සැලසුම් සහිතව කටයුතු කරන්න.
ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය ජය අංකය: 04
වෘශ්චික ලග්නය

තරමක කලබලකාරී ස්භාවයක් පෙන්නුම් කරන දිනයකි. නමුත් තම ගෞරවය රැකෙන පරිදි වඩාත් ඉවසිලිවන්තව කටයුතු කළයුතු දිනයකි. කොන්ද හා තුනටිය ආශ්‍රිත රෝග තිබෙනවානම් වහාම ප්‍රතිකාර සඳහා යොමුවන්න. වඩාත් ඉවසිල්ලෙන් හා කල්පනාකාරීව වැඩ කටයුතු කිරීමට වග බලාගන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා දම් පැහැය ජය අංකය: 04
ධනු ලග්නය

සෙම් සහිත රෝග වලින් ඔබව පීඩාවට පත්කරන දිනයකි. වෘත්තිම කටයුතු වලට වඩා පවුලේ අය වෙනුවෙන් වෙහෙස වන දිනයකි. පිළිවෙලකට අනුව වැඩ කිරීම මගින් දිනය මෙන්ම තම ව්‍යාපාර පවා වඩාත් සාර්ථක කරගැනීමේ හැකියාව පවතියි. වගකීමෙන් යුතුව නිසි සැලසුම් ක්‍රියාත්මක කළයුතු දිනයකි. සෞඛ්‍ය තත්වය පිළිබඳව වඩාත් සැලකිලිමත් වන්න.
ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය ජය අංකය: 04
මකර ලග්නය

දිගු ගමන් බිමන් ඇතිවන දිනයකි. නමුත් ඒවා වලින් ඔබ වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. මානව සම්පත් කළමනාකරණය ආදී කටයුතු වලදී නම් ඔබ සාර්ථක වන දිනයකි. අලුතින් ආරම්භ කරන කටයුතු උනන්දුවෙන් කිරීමට වග බලාගන්න. නිසි සැලසුම් සහිතව කල්පනාකාරීව වැඩ කටයුතු ආරම්භ කරන්න. ආගමනුකුලව දිනය ආරම්භ කිරීම වඩාත් යහපත්.
ජය වර්ණය: ලා දම් පැහැය ජය අංකය: 04
කුම්භ ලග්නය

ඔබේ ලැබීම් තත්වය ඉතාම උසස් දිනයකි. අලුතින් දේවල් ඉගෙනගන්නා දිනයකි. බොහෝ පිරිස් සමඟ ගනුදෙනු කළහැකි දිනයකි. ඔබේ සතුරු කරදර හා සියුම් බාධාකාරී තත්වයන් සමනය වන දිනයකි. කෙසේවුවත් නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු කරගෙන යෑමට වග බලාගන්න. සෞඛ්‍ය තත්වය පිළිබඳවද වෙනදට වඩා සැළකිලිමත් වන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 07
මීන ලග්නය

තමන් කරන කියන කටයුතු වලට වැඩියෙන් බාධා ඇතිවන දිනයකි. නමුත් කායික හා මානසික සහනයක් ඇතිකරගත හැකි දිනයකි. පෞරුෂය වෙනදට වඩා වර්ධනය වන දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු වලදී නම් බාධාකාරී තත්වයන් ඇතිවිය හැකි දිනයකි. එබැවින් තීන්දු තීරණ ගැනීමේදීද වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. සිහි කල්පනාවෙන් යුතුව මෙන්ම ඉවසිලිවන්තව කටයුතු කිරීමට වග බලාගන්න.
ජය වර්ණය: දීප්තිමත් නිල් පැහැය ජය අංකය: 04
ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී කැලුම් ගුණතිලක
දුරකථන: 076 67 65 353