News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
13

“අනිත් අය ගියාට මම දැන්ම යන්නේ නෑ.” – තිලංග 16 කල්ලියට කොකා පෙන්නයි.

1025 Views


“අනිත් අය ගියාට මම දැන්ම යන්නේ නෑ.” – තිලංග 16 කල්ලියට කොකා පෙන්නයි.

අගමැතිතුමාට එරෙහිව විශ්වාසභංගයේදී ශ්‍රීලනිප මැති අැමතිවරු 16 දෙනෙක් විරුද්ධ වුණා. මේ නිසා එජාප මන්ත්‍රීවරු කිව්වේ ඔවුන් අාණ්ඩුවේ තවතුරු වලින් ඉල්ලා අස්වෙන්න ඕන කියලා. පෙරේදා ඔවුන් සියලු දෙනාම ජනාධිපතිතුමා හමුවෙලා තමන්ගේ අැමතිකම් වලින් ඉවත් වුණා.

ඊට පස්සේ ඔවුන් ජනාධිපති නිල නිවසින් එළියට අැවිත් මාධ්‍යට අදහස් දැක්වුවා. හැබැයි තිලංග සුමතිපාල මහතා ඔවුන් සමඟ හිටියේ නෑ. මාධ්‍යවේදීන් එ් ගැන අනිත් මන්ත්‍රීවරුන්ගෙන් අැහුවත් ඔවුන් කිව්වේ තිලංග මහතා තව ටිකකින් එ්වි කියලා.

තිලංග සුමතිපාල මහතා එදා එතනට අාවේ නැති හේතුව මේ වෙද්දී හෙළි වෙලා තියෙනවා. අනිත් අය දැම්ම ඉවත් වුනාට ඔහු තව ටික දවසක් ඉන්නවා කියලා ඊයේ මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කරා. එ් ගැන තමන් කතානායකවරයාට දැනුම් දුන්නා කියලා වැඩි දුරටත් සදහන් කරා.

 


News Articles
Latest Videos
Most Popular Post