News Line| Off Air
Generic placeholder image

Apr
14

අද ලග්න 03 ක් සෞඛ්‍ය ගැන සැළකිලිමත් වෙන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

646 Views


අද ලග්න 03 ක් සෞඛ්‍ය ගැන සැළකිලිමත් වෙන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 අප්‍රියෙල් මස 14 වන සෙනසුරාදා 
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද
රාහු කාලය: දිවා කාලය සඳහා උදෑසන 09.03 සිට උදෑසන 10.39 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 09.15 සිට 10.47 දක්වා 
සුභ දිශාව: උතුර 
අසුභ දිශාව: නැගෙනහිර

 

මේෂ ලග්නය

වැය පක්ෂය අධික විය හැකි දිනයකි. එබැවින් කල්පනාකාරී වන්න. එමෙන්ම ධනය හා ජයග්‍රහණයන් ලැබෙන ඉතාම සුභ දිනයකි. පවුලේ සමගිය ඇතිවන සතුරු කරදර දුරුවන දිනයකි. තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කිරීමට වග බලාගන්න. සෞඛ්‍ය පීඩා තිබේනම් ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු දිනයකි.

වෘෂභ ලග්නය

දුර ගමන් බිමන් නම් අද දින ඔබට සුදුසු නැත. එබැවින් ඉවසීමෙන් කටයුතු කළයුතු දිනයකි. ඔබගේ ආවේගශීලී ගති ලක්ෂණ පාලනය කරගත යුතු දිනයකි. වැඩිහිටි උපදෙස් පිළිපදින්න. දෙමව්පියන්ට හා තමන්ගේ සමීපතමයින්ට වඩාත් ගෞරවයෙන් සලකන්න. නිහතමානිව මෙන්ම ඉවසීමෙන් යුතුව දිනය ගතකිරීම වඩාත් යහපත්.

මිථුන ලග්නය

ආගමික වතාවත් වල යෙදෙන්න. සියලු බාධක යටපත් කරගෙන ඔබේ වැඩ කටයුතු සාර්ථක කරගෙනීමේ හැකියාව පවතින දිනයකි. රැකියා හා ව්‍යාපාර වලින් ලාභ ලබාගත හැකි දිනයකි. ඉවසීමෙන් යුතුව, තැනට සුදුසු නුවන යොදාගනිමින්, අන් අයගේ මෙන්ම විශේෂයෙන්ම වැඩිහිටයන්ගේ උපදෙස් මත ක්‍රියා කිරීම වඩාත් වැදගත් වන දිනයක්.

 

කටක ලග්නය

ඔබේ තරාතිරම අනුව දිනය සාර්ථක කරගැනීමේ හැකියාව පවතින දිනයකි. අරපිරිමැස්මෙන් කටයුතු කල යුතුයි. වියදම් පිළිබඳව වඩාත් කල්පනාකාරී වන්න. පිනට දහමට වැඩියෙන් යොමුවන යොමුවන දිනයකි. ආගමානුකුලව හා ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න. ගමන් බිමන් වලදී ප්‍රවේසම් වන්න.

සිංහ ලග්නය

ආගමානුකුලව කටයුතු වල යෙදෙමින් දිනය ගත කරන්න. අසරණ අයට පිහිට වීමට කටයුතු කරන්න. නෑ හිත මිතුරන්ගේ ගරු සැලකිලි ලැබෙන දිනයකි. නමුත් ප්‍රවේසමෙන් කටයුතු කළ යුතු  දිනයකි. තම දෙමාපියන්ට යුතුකම් ඉටු කරන්න. වැඩිහිටි උපදෙස් පිළිපදින්න. ආගමානුකුලව දිනය  කරන්න.

කන්‍යා ලග්නය

ඔබට අවැසි ධනය නොමදව ලැබෙන දිනයකි. සෑම අතින්ම ඔබේ බලාපොරොත්තු ඉටු වන දිනයක් වන අතර තමන්ගේ අගය අන් අය අතර වැඩි වන ගෞරවය ලැබෙන දිනයකි. පිරිස් බලයද ඔබට නොමදව ලැබෙන දිනයකි. මවට පියාට කාලගුණ සළකන්න. සමාජ ඇසුරේදී නම් ඔබ වඩාත් ප්‍රවේසම් විය යුතුයි.

 

තුලා ලග්නය

ඔබේ බලය අන් අය අතර තහවුරු වන දිනයකි. තීන්දු තීරණ ගැනීමේදී වඩාත් ප්‍රවේසම් වන්න. සිහිබුද්ධියෙන් කටයුතු කරන්න.  නොගැළපෙන ක්‍රියා හා නොගැලපෙන පුද්ගලයින් ආශ්‍රය තුල ඔබ බොහෝ කරදරයට පත්විය හැකි දිනයකි. එබැවින් තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කරන්න. වැඩිහිටි උපදෙස් ඔබව සාර්ථක මගකට යොමු කරවන දිනයකි.

වෘශ්චික ලග්නය

 

මෙතෙක් ඔබට තිබූ බාධක රාශියක් සමනය වන දිනයකි. කලකට පසුව සැප පහසුව දිනය ගත කිරීමට අවකාශ ලැබෙන දිනයකි. අන් අය සමඟ කරන කටයුතු වලදී වඩාත් කල්පනාකාරී  වන්න. නමුත් ඔබේ සෞඛ්‍ය පිළිබඳවද වෙනදට වඩා සැළකිලිමත් විය යුතු දිනයකි. දෙමාපිය උපදෙස් අනිවාර්යෙන්ම පිළිපදින්න. දිනය වඩාත් යහපත් වේවි.

 

 

ධනු ලග්නය

ආවේගශීලී ගති ලක්ෂණ ඔබ පාලනය කරගත යුතු දිනයකි. සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කරන්න. ආගන්තුක සත්කාර මෙන්ම පිළිගැනීමද නොමදව ලැබෙන දිනයකි. උනන්දුවෙන් කටයුතු කර ලැබෙන අවස්ථාවෙන් උපරිම ඵල ලබාගත හැකි දිනයකි. නිහතමානිකම හා දුර දක්නා නුවණ මත කටයුතු කරන්න.

 

මකර ලග්නය

නව ජවයක් උදාකරන දිනයකි. පරිස් බලය මෙන්ම ආර්ථික ශක්තියද ඔබට නොමදව තිබෙන දිනයකි. නමුත් ඔබේ සෞඛ්‍ය පිළිබඳව වෙනදට වඩා සැළකිලිමත්  විය යුතු දිනයකි. ඔබගේ වටිනාකම අන් අයට වැඩියෙන් දැනෙන දිනයකි. දිනය වඩාත් අවබෝධයෙන් හා ආරක්ෂාකාරීව ගත කළ යුතුයි. නිසි සැලසුම් සහිතව කටයුතු කරන්න. ඉවසීම ඔබේ සිතට ශාන්තියක් වනු ඇත.

 

කුම්භ ලග්නය

ජයග්‍රාහි මෙන්ම වාසනාවන්ත දිනයකි. තීරණ ගැනීමේදී අද දින වෙනදට වඩා සැළකිලිමත් විය යුතු දිනයකි. කරුණාවෙන් යුතුව කටයුතු කරන්න. මත ගැටුම් වලට නොයමින් වඩාත් කල්පනාකාරී විය යුතු දිනයකි. නමුත් එඩිතරව ඔබේ කාරුණික බව හා දෙමව්පියන්ගේ ආශිර්වාදය තුල දිනය වඩාත් යහපත් කරගැනීමේ හැකියාව පවතින දිනයකි.

 

මීන ලග්නය

ඔබට අනගිභවනීය බලයක් උදාකර ඇති දිනයකි. ඔබේ දැනුමට මෙන්ම ශ්‍රමයට නිසි වටිනාකමක් ලැබෙන කාලයක් උදා වී ඇත.  අන් අයගේ ගෞරවය ලැබෙන දිනයකි. නොසිතූ ලෙස ආර්ථික තත්වය වඩාත් යහපත් වන දිනයකි.  ඔබේ වටිනාකම් හා දැනුම තුළින් දිනය වඩාත් සාර්ථක කරගැනීමේ හැකියාව පවතියි. නිහතමානිව කටයුතු කිරීමට වග බලාගන්න. දුරදක්නා නුවණින් යුතුව දෙමාපිය උපදෙස් මත කල්පනාකාරීව දිනය ගත කිරීම වඩාත් යහපත්.
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී වයි. එම්. කේ. යාපා බණ්ඩාර 
දුරකථන: 0777 44 86 44


News Articles
Latest Videos
Most Popular Post