News Line| Off Air| Games
Generic placeholder image

Apr
14

මියගිය සුරූපී නිළියට වසරේ හොදම නිළිය සම්මානය පිරිනමයි.

613 Views


මියගිය සුරූපී නිළියට වසරේ හොදම නිළිය සම්මානය පිරිනමයි.

ඉන්දියාවේ 65 වන ජාතික චිත්‍රපට සම්මාන උළෙලේ සම්මාන ලැබූ නම් මේ වෙනකොට නිවේදනය කරලා තියෙනවා. මේ උළෙලේ සම්මාන ලැබූ නම් අතර පහුගිය මාසයක මියගිය ශ්‍රී දේවිගේ නමත් තියෙනවා. ඒ හොඳම නිළිය සම්මාන වෙනුවෙන්. ඇය අවසන් වරට රංගනයෙන් දායක වුන MOM චිත්‍රපටයට තමයි මේ විදිහට හොඳම නිළිය සම්මානයයට ලැබිල තියෙන්නේ. හොඳම නළුවා විදිහට සම්මානය අරගෙන තියෙන්නේ රිද්ධි සෙන්. ඒ ඔහු රංගනයෙන් දායක වුන Nagarkirtan කියන චිත්‍රපටය වෙනුවෙන්. ජනප්‍රියම සහ හොඳම දෘශ්‍ය ප්‍රයෝග සහිත චිත්‍රපට සම්මානය අරගෙන තියෙන්නේ Baahubali 2 චිත්‍රපටය.

මේ තියෙන්නේ සම්මාන ලැබුවන්ගේ සම්පුර්ණ විස්තර:

හොඳම නිළිය – ශ්‍රී දේවි (MOM චිත්‍රපටය)
හොඳම නළුවා – රිද්ධි සෙන් (Nagar Kirtan චිත්‍රපටය)
හොඳම අධ්‍යක්ෂණය – ජයරාජ් (Bhayanakam චිත්‍රපටය)
හොඳම චිත්‍රපටය – Village Rockstars (Assamese)
හොඳම සටන් අධ්‍යක්ෂණය – Baahubali 2: The Conclusion
හොඳම නර්ථන අධ්‍යක්ෂණය – ‘Toilet Ek Prem Katha’ චිත්‍රපටයේ ‘Gori Tu Latth Maar’ ගීතය
හොඳම විශේෂ ප්‍රයෝග – Baahubali 2: The Conclusion
හොඳම සංගීත අධ්‍යක්ෂණය – A.R රහ්මාන් (Katru Veliyidayi චිත්‍රපටය)


News Articles
Latest Videos
Most Popular Post