පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ අවසන් දවස අද. 21 වෙනි වරට පැවැත්වුන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල මේ සැරේ තිබ්බේ ඕස්ට්‍රේලියාවේ. වෙනත් අවස්ථා වලට වඩා මේ සැරේ වැඩි දක්ෂතා පෙන්නන්න ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුළුවන් වුණා.
මෙවර ක්‍රීඩා උළෙලේ ලංකාව පදක්කම් 7 ක් දිනා ගත්තා. ඒ එක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 6 ක්. ඒ අනුව මේ වෙද්දී ශ්‍රී ලංකාව සමස්ත පදක්කම් සටහනේ 31 වන ස්ථානයේ රැඳී සිටිනවා. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනා ගත්ත වැඩිම පදක්කම් සංඛ්‍යාව විදියට එය ඉතිහාසගත වුණා.
පදක්කම් සටහනේ පෙරමුණේ ඉන්නේ සත්කාරක ඔස්ට්‍රේලියාව. ඒ, රන් පදක්කම් 78 ක්,රිදී පදක්කම් 57 ක් සහ ලෝකඩ පදක්කම් 59 ක් සමගින් සමස්ත පදක්කම් 194 ක් දිනා ගනිමින්. රන් පදක්කම් 43 ක්, රිදී පදක්කම් 43 ක් හා ලෝකඩ පදකක්ම් 44 ක් දිනා ගෙන එංගලන්තය දෙවන ස්ථානය හිමිකර ගෙන තියෙනවා. රන් පදක්කම් 26 ක්, රිදී පදක්කම් 19 ක් හා ලෝකඩ පදක්කම් 20 ක් දිනාගනිමින් පදක්කම් සටහනේ තෙවන ස්ථානයේ රැදී සිටින්නේ ඉන්දියාවයි.