News Line| Off Air
Generic placeholder image

Apr
15

එංගලන්තය කුමාර් සංගක්කාරට “ලංකන් ප්‍රිමියර් ලීග්” අහිමි කරයි?

925 Views


එංගලන්තය කුමාර් සංගක්කාරට “ලංකන් ප්‍රිමියර් ලීග්” අහිමි කරයි?

කුමාර් සංගක්කාර කියන්නේ ලෝකයේ ඉන්න විශිෂ්ඨම ක්‍රිකට් ක්‍රීඩකයන් අතර ඉහළින්ම ඉන්න ක්‍රීඩකයෙක්. ඒ බව ඔහු ක්‍රියාවෙන්ම ඔප්පු කරලා තියෙනවා. සංගා මේ වෙද්දී ජාත්‍යන්තර සහ පළමු පෙළ ක්‍රිකට් තරඟ වලින් විශ්‍රාම අරන් තියෙන්නේ. ක්‍රිකට් පිටියෙන් සමුගත්ත සංගාට ක්‍රිකට් විස්තර විචාරක කුටියේ ඉඩකඩ ලැබිලා තියෙනවා.

එළඹෙන ජුනි සහ අගෝස්තු මාස වල එංගලන්තයේ පැවැත් වෙන තරඟාවලි කිහිපයක් සඳහා සංගක්කාර විස්තර විචාරකයෙක් හැටියට එකතු කර ගන්න තීරණය කරලා තියෙනවා. එංගලන්තයේ පැවැත් වෙන තරඟාවලි කිහිපයක මාධ්‍ය අයිතිය ලබා ගත්ත Sky Sports ආයතනය තමයි මේ තීරණය අරන් තියෙන්නේ.

සුපිරි ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ශේන් වෝන් වෙනුවට තමයි සංගා එකතු කර ගන්න තීරණය කරලා තියෙන්නේ. පහුගිය අවුරුද්දේ එංගලන්තයේ තිබ්බ ශුරයින්ගේ කුසලනයේදීත් සංගා ක්‍රිකට් විස්තර විචාරකයෙක් විදියට කරයුතු කරා.

ඒ කොහොම වුනත් සංගා ක්‍රිකට් විස්තර විචාරකයෙක් විදියට එංගලන්තයට ගියොත් ඔහුට “ලංකන් ප්‍රිමියර් ලීග්” තරඟාවලිය අහිමි වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙන්න ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන් සංගක්කාර LPL තරඟාවලියට සහභාගී වෙයි කියලා ලොකු බලාපොරොත්තුවකින් ඉන්නේ.

හැබැයි සංගා ක්‍රිකට් විස්තර විචාරකයෙක් විදියට කටයුතු කරන්න නියමිත ඉන්දියාවේ එංගලන්ත සංචාරය සැප්තැම්බර් 11 වෙනිදා දක්වා පැවැත් වෙනවා. LPL තරඟාවලිය පැවැත් වෙන්නේ අගෝස්තු 18 වෙනිදා සිට සැප්තැම්බර් 10 වෙනිදා දක්වායි.


News Articles
Latest Videos
Most Popular Post