News Line| Off Air
Generic placeholder image

Apr
16

ඉල්ලීම් දිනා ගන්න තමන්ගේ පුංචි දියණිය වහල උඩ ඉදන් විසිකල නරුම පියෙක්. – Photo

750 Views


ඉල්ලීම් දිනා ගන්න තමන්ගේ පුංචි දියණිය වහල උඩ ඉදන් විසිකල නරුම පියෙක්. – Photo

මවක් සහ දියණියක් අතරට වඩා පියෙක් සහ දියණියක් අතර ලොකු බැඳීමක් තියෙනවා. තාත්තා කෙනෙක්ට දුවෙක් කියන්නේ මහමෙරක්. හැබැයි තමන්ගේ ඉල්ලීම් දිනා ගන්න පුංචි දියණිය වහල උඩ ඉදන් විසිකල පියෙක් ගැන වාර්තා වෙනවා.

මේ සිදුවීම වාර්තා වෙන්නේ දකුණු අප්‍රිකාවේ පෝට් එලිසබත් නගරයෙන්. නගරයේ ඇති තාවකාලික මඩු ඉවත් කරනවට විරෝධය දක්වන්න පුද්ගලයෙක් තමන්ගේ කුඩා දියණියත් අරගෙන වහල උඩට නැග්ගා. ඉවත්කිරීම් නැවත්වුවේ නැති වුනොත් දියණිය පහළට විසි කරනවා කියලා ඔහු පොලිසියට තර්ජනය කරා.

පසුව එක වරම මේ පුද්ගලයා දියණියව පහළට විසි කලා. හැබැයි ව්වසනාවකට වගේ පහල හිටිය පොලිස් නිලධාරියෙක්ට දැරිවිය අල්ලා ගන්න පුළුවන් වුණා. 38 හැවිරිදි පුද්ගලයා පසුව පොලිසිය අත්අඩංගුවට ගත්තා.


News Articles
Latest Videos
Most Popular Post